Sunday, October 18, 2015

අළුත් කන්ණඩි

අදුරට සමුදෙන්න ගෙනා
අළුත් කන්ණාඩි
දකුණ බොතල් අඩි
වමට නිකන් අඩි
හැබැයි මාරයි
දැන් ලෝකෙ පෙනෙන හැටි
මාරයි
වසරක් අඳුරු ලෝකය
සැනෙන් එළිය වු හැටි

එළියයි
අඳුරු තැන් එළීයයි
එළියයි
එළිය තැන් තව එළියයි

අළුත් කන්ණඩි
හොඳයි
හැබැයි හිතට බරයි.

- සුනෙත් වෙඩිවර්ධන -

Thursday, October 15, 2015

බේරෙට දුක කියන කොළඹ

Photo Credit - Pathum Wickramasinghe
ගොම්මනට ඉකි බිදින
මැද කොළඔ අහස
බේරෙ වැව දිලිසෙනවා
අහස් රඹ පාටට

දියකාවො මොර තලයි
ඟද ගහන සුලගට
හඩ නඟයි සුළගින්
කොළඹ කී දුක බේරෙට






හොල්මන් නොමැති
පාරවල් අතරේ
හොල්මන් කරන පැල්පත්
නිසොල්මන් ගොඩනැගිලි
අලසව ගොඩනැගෙන
නෙළුම් කුළුනේ මුදුණට
සුදු පාට වළාපෙළ වදිනවා
හවසට
                                                                                                                                                       
කොළපාට බේරෙට
කෙළ ගහන තරමක
බොරපාට හවසට
කුණු පිරෙණ ඉවුරක

ගොම්මනේ අසිරිය
මැද කොළඹ අහසට
ගෙනෙන සිරි නෙතගට
බලනු පින් තිබ්බද?

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, September 28, 2015

කිකිලි

උබට හොද වැඩේ
දැන් ඉතින් කෙකර ගාපන්
ඒත්
බිත්තරේ වැටෙන්නෙ නෑ
නිකම්ම නිකම් ෆාම් කිකිලියෙක්
බිත්තර දැම්මත් වැඩක් නෑ
මස්කඩේ තමා හොදම තැන
මුදලාලි හොදට සළකයි
ඊලග ආත්මෙදිවත් බලපන්
කන්න කලින්
පනුවා
කන්න පුලුවන් එකෙක්ද කියලා
නැත්තං
ආයෙ බඩරිදෙන්න ගනී

රෑ මිලින වූ කඩුපුල් මල සේයා

ලක් දණ සුවෙන් සුව නින්දේ ඇති රෑක
ලක් දියණියක් හට රහසේ  සිදුවූ     දේක
ලක් දෙරණේ සිටියත් දෙවියන් නේක
උන් එකෙකුවත් නැහැනේ දැක්කේ මේක

පෙර පාසල් යන වයසේ සිටි සේයා
හැම විට මව්පියන් හට හුරතල් වේයා
තව හුරතල් වේ ඈ සමඟින් සීයා
ආච්චිට නම් ඇ බඩගිනි මීයා

උපන්දිනේ එනවා මගෙ ලඟ ලඟම
මොනවද මට දෙන්නේ අම්මා එහෙම
බෝනික්කෙක් දෙන්නම් යැයි කිව්වාම
ඈ හිත පිරුණ සතුටින් මේ තුන්ලොවෙම

පියා නෑ ගෙදර පිටවී ගොස් ඇත ඔහු අද රෑ වැඩට
අත්අම්මා සියත් එක්කන් ගොස් නේ මළ ගෙදරකට
අයියා නංගී අම්මා පමණයි සිටියේ ලඟ සේයාට
ඈ පහසුවෙන් හසුවූවා මරුවගේ ඇහැට

රෑ ඝණ අඳුර මැද එළියයි පුන්සඳ පායා
ඇත මව් තුරුලේ නිදයන් පින්කඳ සේයා
මහ රෑ පැමිණි නොමඳත් මරුවගේ සේයා
මොන දෙව් දේවතාවියකටවත් නොපෙනේයා

මව් තුරුලේ සුවනින්දේ සිටිසේයා
කෙලෙසද ගෙන ගියේ ඒ වල් පරයා
කෙලෙසා මරා කැලයක උදයේ සිටියා
රෑ මිලින වූ කඩුපුල් මල සේයා

මෙය සිදු කලේ ලඟ නිවසක වැසියෙක්ය
තව එක්කෙනෙක් පාසල් යන සිසුවෙක්ය
කොණ්ඩය තමා කල බව පිළිගත්තාය
එනමුත් තවම මෙය මට අභිරහසක්ය

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, September 15, 2015

උකුස්සා

උකුසු ඇස් දෙකක්
දුරකථන තිරය මත
ඇගේ හෙට දවසම
උකුස්සගෙ ඇස්වල

හෙට වැඩට යනවද
ගෙදරමද ඉන්නේ
චිත්‍රපට ශාලාව
ඇරලද තියෙන්නේ

කෙටි පුවතක්ය දුර
ඇයත් ඔහුගෙත් අතර
අඟලක විදුරවක්ය
උකුස්සා ඇයට දුර

හැදන් සිටි සායම
ගැලවෙන්න හේතුව
ඇගේ සිට අඩි දෙකක්
උකුස්සට නැතිකම

වීදුරුය පස්සේ
ෆෝන් එක අත්ලේ
වීදුරුව පස්සේ
උකුස්සය ඉන්නේ

ඔවුන් හෙට දවසේ
මොනවද කරන්නේ
ඔවුන් හැර ඒ දේ
උකුස්සත් දන්නේ

ඉදින් අවසානෙ ඈ
උකුස්සව දකින්නේ
ඉතින් බොල උකුස්සෝ
හෙට මොකද වෙන්නේ

-සුනෙත් වෙඩිවර්ධන-




හිමිකමට කහිමි

හිමි නැතත් අහිමි නැති
පියාඹන හදවතක්
නියාගෙන කවි කියන
මේ තරම් ප්‍රේමයක්

නුවන් අග කදුළු නැති
තැනින් තැන පළුදු ඇති
රිදුනු තැන් මතක නැති
අහිමි නැති හිමිත් නැති
මහට හිමි මට අහිමි
අයිතියක් උවමනා නැති
මේ ආදරය සිහිනයක්

රාගයට තාල නැති
තාල පද වැයෙන රිසි
බාල නැති ගනන් සෘති
ඇති නොමැති සිත් රතී
මහට හිමි මුත් අහිමි
කිසිදිනක නොලැබෙනා
ප්‍රේමයක්
ප්‍රේමයත් සිහිනයක්

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, August 18, 2015

අව නොවු මගුල

අහො ඒ මළගෙය
ඉතිකින් අවසනද ?
උනුන් අප හා සටන් කල බිම
අප්පච්චි වැලළීලද?

නොමළ වුන් ඉකි ගසන මලවුන්ගේ කනත්තේ
මළවුන්ගෙ කර මතින් මළමිනිය නැගිටිටේ
මළ නොමල උන් කවුද කෙනෙකු නැත දැන්නේ
නමුත් ඒ වගක් වත් මලවුන්ට නැත්තේ

අවමගුල් භූමියක
මගුල් බෙර නොවැයුනද
අව මගුලේ අව කපා
මගුල සැමරිය යුතුය

දිනුව උන් කවුරුන්ද?
පැරදුනේ කවුරුන්ද?

-සුනෙත් වෙඩිවර්ධන-