Showing posts sorted by relevance for query ගල්කන්ද. Sort by date Show all posts
Showing posts sorted by relevance for query ගල්කන්ද. Sort by date Show all posts

Monday, October 2, 2017

පාන් නම් ගල්කන්ද

ගල්කන්ද බේකරියෙ පාන් රස අමතකද
චිකන් කරියට සෝස් බෝතලේම හලං අපි කෑව
සාක්කුවෙන් අන්තිම රුපියලත් එලියට ආව
ගල්කන්ද බේකරියේ පාන් අපි කෑව

ගල්කන්ද බේකරිය නමගත්ත බේකරිය
පානදුර ටවුමේ කේක් නම් ගල්කන්ද
පාන් කියලත් වෙනසක් නෑ ඒකටත් ගල්කන්ද
පාන් ගෙඩියක් ගන්න
 චිකන් හොදි එකට සෝස් දාගෙන
පොඩි කෑල්ලක් කන්න

ස්ටේසමට කඩිමුඩියේ කොච්චිය අල්ලන්න
දුවන අතරේ දඩිබිඩියෙ පොරකකා අරගන්න
ගල්කන්ද බේකරියේ පාන් රස අමතකද
වාටියත් කෑ හැකි පෝරණුවේ පිච්චෙව්ව
උණු උණුවේ සෝස් දාපු චිකන් හොදි එක්ක
තළු මර මරම කන්න
පාන් නම් ගල්කන්ද

රෝස් පාන් පෙට්ටි පාන්
සැන්විච් පාන් ලෝකල් ..
පෙති කපපු පාන්
දිග ජෑම් පාන් මත්වෙනවා කෑවම
කෝක තිබ්බත් ගැලපෙන්නේ පොඩි රෝස් .
ගැන්සියේ සේරටම හිත පිරෙනකම් කන්න
අතේ ඇති ගානට ගැලපෙනම රස කෑම
පාළුවට ගිහින් දැන් ගල්කන්ද බේකරිය
ගල්කන්ද බේකරියේ පාන් රස අමතකද
චිකන් හොදි එකට සෝස් වක්කරන්
තළු මරමරා අපි කෑව
හැමදාම හවසට
බඩගින්න නිව්ව

-සුනෙත් වෙඩිවධර්න-