කොළඹ ඈයන්ට
හිමි කුණු කන්ද බැම්මේ
මං උපන්
මගේ අප්පච්චිගෙ ගේ තිබ්බේ
කුණු ගඳ ගහන මහ කුණු කන්දක් නැම්මේ
ඇයි අප්පේ
අපි නිදයන පැල්පත හැදුවේ
කුණු කන්නට
එන සුදු කොක්කුන් රෑන
කණකොක් පාට
ඇයි අම්මේ හැමදාම
තිබුනානම්
වෙල් ඉපනැල්ලක් හේම
ඉගිලෙනකොටවත්
උන් වෙයි නේ සුදු පාට
අම්මා ඉව්ව
හැම කෑමම එකවාගේ
එක සුවඳමයි
ඒවායෙන් මට දැනුනේ
ලාබෙට
ගත්ත කුණු එලවළු වල අම්මේ
කුණු රස
නෙමේ අම රස විතරයි දැනුනේ
විලවුන්
සුවද අකැපයි අපි හැමෝටම
කුණු සුවදමයි
හැමදාමත් ඇදුම් වල
කුණු ගඳ
අපේ මේ මුළු පලාතම
නහයට හුරු
නිසා ඒකත් සුවඳයි අපට
වැස්සට කුණු
වතුර අපේ ගෙට ගැලුවාම
අපිට කාරි
නෑ ඒකත් සතුටක් අපිට
කුණු ගොඩ
තෑගි කල සෘජුෆෝම් තට්ටු මත
පාරු පැද්ද
හැටි මතකයි මට තාම
අවුරුදු
දවසෙ කිරිබත් ඉව්වේ නැද්ද
කැවුම්
කොකිස් අපි හැදුවේ නෑ නේද
මමත්
ඉතින් වල් පල් අහනවා නේද
මන්
නැති ගෙදර අම්මට අවුරුදු කොහෙද
පන්සල්
යන්න නේ හිටියේ අපි හවස
චුට්ටක්
සෙල්ලම් කරන්නයි එලියට ගියේ මම
දැන උන්නනම්
පෙරලෙන බව කුණු කන්ද
මම යන්නෑ
අම්මේ ගෙදරින් පිටට
එහාගෙදර
මාමයි නැන්දයි නංගියි
අඳුන ගත්තේ
මං දැන් පැයකට කලිනුයි
සෙල්ලම්
කරපු යාළුවො දෙන්නත් මෙතනයි
බයවෙන් එපා
අම්මේ මම තනියෙන්ම නෙමෙයි
අම්මගේ
මැනික නේ මම මගේ සුදු අම්මේ
තාත්තටත්
මුලු ලෝකෙම මම නේ අම්මෙ
එච්චර
වටින පුතු අම්මගේ මම අම්මේ
ලක්ෂයකටද
උන් මිල කෙරුවේ අම්මේ
-සුනෙත්
වෙඩිවර්ධන-