Monday, June 26, 2017

රයන්න රඹුට ටයන්න රඹුටං


රඹුට ඹුටන්
රතු රඹුටං
මල්වානේ
රතු රඹුටං

රඹුට ඹුටං
රතු රඹුටන්
කහපාටත්
ඇත රඹුටං

රඹුට ඹුටන්
ටකේ බැදං
අත්තා රකින
රතු රඹුටං

රතු රඹුටං
වාරේ හිටං
කන තරමක්
රඹුට ඹුටන්

උෂ්නයි බං
රතු රඹුටං
කාලා ලෙඩ
වෙයන් මචං

-සුනෙත් වෙඩිවර්ධන-

නුඹ විඳින මගේ පෙම එක්තරා කවියක්

ඇහැළ මල් පූදින්න
ඇඟිලි ගනිනා අතර
හිත් මලක් පූදින්න
දඟලනා තරමක්

වරම් නැති පෙමක් ලඟ
තරම් නැති වුවත් මට
අහිමි නුඹෙ හිත් මලට
පෙම් කරන තරමක්

නුඹෙන් අවසර නොගෙන
හොරැහින්ම කවි ලියන
නුඹ විඳින මගේ පෙම
එක්තරා කවියක්

විදිනවාවම මිසක
හදවතට නොදැනුනත්
නුඹ විඳින මගේ පෙම
එක්තරා කවියක්

වළා නැති සියොත්මග
පෙමින් කැටයම් කරන මේ
සිත්තරා කවියෙක්
විඳින්නට සිතක් නැති
නමුත් ලෝකෙටම හොරැහින්
නුඹ විඳින මගේ පෙම
එක්තරා කවියක්

- ආදරේ කියන්නේ නොහික්මුණු කළාවක් -

- සුනෙත් වෙඩිවර්ධන-

Sunday, June 25, 2017

නුඹ නුදුටු නුබ

නුඹ නුදුටු නුබ
නුඹ දැකිය යුතු නුබ
කිසිදිනක නුඹ නෙතට
මුණගැහෙන්නේ නැති
නුඹ හිසට ඉහලින්
නිරුවත්ය නුබ

සියොත් තටු සලකුණක් නැති
මේඝ පියසටහනක් වත් නැති
දිනිදු ගිලගත් සිඳුතෙරේ ඉම
ඉදන් පෙරදිව ක්තිජ ඉම තෙක්
නග්න වූ නුබ

නමුදු තව නුඹ නෙතට
හසුනොවුනෙ කිම
නුඹ නෙත් ඉදිරියේ
නග්න වූ නුබ

කිසි දිනක නුඹ
නෙත් නොදුටු නුබ
ඉදිරියේ නුඹ
නග්න මගේ හද

මේඝයෙන් විලිවසා ගත්පසු
නොපෙනේවි යළි කිසිවෙකුට
නුඹ නුදුටු නුබ
වූ මගේ හද

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, June 20, 2017

පැන්ටාසියා සිහින

බැස්ටියන් අරගත්තා
පැන්ටාසියාවේ සිහින
චන්ද්‍ර කුමරිය සමඟ
බැස්ටියන් පියමැන්නා
මතක ඇති ඉදගත්තා
කතාකරන ගහ යට
සුදුපාට තුෂර පිනි
බිම වැටෙන කොට

වසත් කල අවසන
පැන්ටාසියාවට වැස්ස
පිනි බින්දු නටනවා
බුමුතුරුණු තණ බිස්ස උඩ

දේදුණු ඇල්ල ලඟ
රතු පාට කොක්කු
නිල්පාට සමනල්ලු
බයත් නෑ කහපාට කිඹුලන්ට

චන්ද්‍ර කුමරිය සිහින
පෙට්ටියෙ සිරකල
බැස්ටියන් අරගත්ත
පැන්ටාසියාවේ සිහින

සිහිනයෙන් නොපෙනෙන
පැන්ටාසියාවේ සිහින
කිසි දිනක නිම නොවෙන
පැන්ටාසියාවේ සිහින
බැස්ටියන් ලඟ
චන්ද්‍ර කුමරිය තාම
බැස්ටියන් ඉතුරු කල
පැන්ටාසියා සිහනයක

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, June 18, 2017

හිත් කොක්ක පැටලුනු කෙක්ක

මං වික්ක හිත අරගත්ත එක
රෑ කුමාරි මල කුත් එක්ක
මන් පදම් කළ හිත මගේ බක
මටත් හොරැහින් කතාවක

මා එක්ක නැති හිත දැක්ක
මට අයිති නැති ඒ හිත එක්ක
මගේ හිත් කොක්ක පැටලුනු කෙක්කත් එක්ක
මට තරහකුත් එනවත් එක්ක

නුඹ රැක්ක නුඹේ හිත දැක්ක
මගෙ හිත එක්ක නුඹ ඇයි කොක්ක
මම නටනවා දැන් ඔළු බක්ක
නුඹ ඇනලා දැන් හිතටම ටොක්ක

හැමෝටම මම දුන්නා බොක්ක
ඇයි පෙරලෙන්නේ මටමම බෙලෙක්ක
හරකෙක් වගේ හිත දක්ක දක්ක
ඕට්ටු දානවා ඒ වත් සෙලෙක්ක

නිදිද මන් නුඹේ පොඩි හීනයක
නුඹ දකින්නෙම නැති කිසි රෑක
මම හිදින්නම් හීනත් එක්ක
නුඹ ලැබෙන කම් ආදරේ එක්ක

-සුනෙත් වෙඩිවර්ධන-
-ආදරේ කියන්නේ නොහික්මුනු කලාවක්-

Thursday, June 15, 2017

මන්දාරමේ

මන්දාරමේ සිහින මිටියාවතේ
මන් තාම උන් තැනම මල් මාවතේ
ඒ ආදරේ සීහිනයක් ජීවිතේ
මියදෙනව හිත සිහින මන්දාරමේ

හිමි කරගන්න විදගන්න ඔබේ ආදරේ
මගේ පපු කිනිති වැලපෙනවා රෑ දහවලේ
කියාගන්න බැරි වචන උණූ වී හදේ
නෙත් අගින් වැගිරෙනවා කදුලක් දිගේ

කඩුපුල් මලට වහ වැටුනු බඹරෙක් වගේ
හිත නුඹ ගැනම වෙහෙසෙනවා රෑ කාලයේ
වළා වන් වසා ගත් පුරා හඳ වගේ
සැඟවෙන්නේ ඇයි අඳුරේ මගෙ ආදරේ.

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, June 6, 2017

නුඹට පිටුපෑ නුඹේ හද

නුඹේ හද කළු වළාවකි මට
හමා යනමුත් වැස්ස නොවසින
මුවා කර මම ඇළුම් කළ හඳ
අදුරුකල විජිතයම එක්වර

නුඹේ හද සැඩ රැල්ලක්ය මට
නිසල සයුරත් සසල කරවන
හිරුට පෙම්බැදි ක්ෂිතිජ ඉම මත
හබල් බිඳලා ඔරුව පෙරලුව

නුමේ හද රළු කතරක්ය මට
වැළි පිරුණ කදු පිරී ඉතිරුණ
අතර මැද මිරිගුවක සිරකර
ඔටුවෙක්ව වැලි වලට යටකල

නුඹේ හද දියකඩකි මඩ වුණු
නිවාගත හැකි නොවෙන පවසක
දිය පිටක ඇදි ඉරක සේ මම
මැකී යමි නුඹ දියෙහි මතුපිට

-සුනෙත් වෙඩිවර්ධන-
-ආදරේ කියන්නේ නොහික්මුණ කලාවක්-