Saturday, April 21, 2018

රාගයට විකිනෙනවා ප්‍රේමය!!


දුක්බරම මොහොතක ඇස් අගින් බේරෙන
කදුලකින් වෑහෙන ස්නේහයේ රස්නය
ඒ තමයි ප්‍රේමය

රාගයට විකිනෙනවා ප්‍රේමය!!

කොයිතරම් බර ද ඒ ප්‍රේමය
ඇස් අගින් නොවැටෙන හිත අගීන් වෑහෙන
ඒ තරම් ලාබද විකුනුනේ කොහෙමද ?
පිවිතුරුම රතු පාට ප්‍රේමය
පිරිමියෙක් රිදවා පිරිමියෙක් අරගත්තේ
රාගයේ  මුදලටද
නොවිකෙනන වයි කියන ප්‍රේමය

රාගයට ලෝබ කල ආලය
යටකලා වූ ස්වප්නයකි ප්‍රේමය
ස්නේහයට උණු නොවෙන හදවත
රාගයට දැවෙනවා දැනෙයිද?

මියගිහින් ඒ ප්‍රේමය
ආදරේ ආලයද රාගයම පමණයි ප්‍රේමය.
රාගයෙන් දිවෙයි මේ ලෝකය
එහෙම් ලොව තියේවිද ප්‍රේමය
රාගයට විකිනෙනවා ප්‍රේමය!!

-සුනෙත් වෙඩිවර්ධන-