Thursday, October 26, 2017

අපේ හමුවීමට බාලගිරි දෝසේ

මලින් සැදුනු
මලට දෙවි වූ
මල්සරා හීය තාම නෑ විද්දේ
පෙමින් පෙඟුනු
පෙමින් පිරූණූ
සුපෙම් හැගුමක් මන් තාම නෑ වින්දේ

තැනින් තැන දකින දෑස් රඟපාන
මියෝලැසි සිහින සක්වලින් බහින
අනේකා ජාති මියුලැසියෝ අතර
අපේ හමුවීමට බාලගිරි දෝසේ

මටත් හිමිකාර කෙනෙක් සිටිනවද
එයත් හැමදාම මං හොනවාද
මටත් නැහැ තාම එයා හමුවූයේ
එයත් නැහැ තාම මා හොයාගත්තේ
ඉතින් මං තාම එයාවයි හොයන්නේ
අපේ හමුවීමට බාලගිරි දෝසේ

එයාමයි මෙයාමයි ඒ මෙයා තමාමයි
කිය කියා එක එකා ගැන හිතුවා
තාම මට හරි එකා මුණ ගැහුනේ නැත්තේ ඇයි
එයාටයි මෙයාටයි අරයටයි අනෙකටයි
ආදරේ විකුනලා මට හරිම මහින්සියි
අද නෙමෙයි හෙට මුනගැහෙයි
හෙට ආයේ ඒකමයි
දිනෙන් දින ගතවෙවී විසිපහක් හමාරයි

කියාපං බං මල්සරෝ
එයා
නැද්ද මේ දේසේ
අපේ හමුවීමට
ඇයි බාලගිරි දෝසේ

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, October 21, 2017

රොමැන්ටික් සිහිනයක්


අපි තනිවෙමුද මේ අහස යට
සුලැඟිලි විතරක්ම පටලගෙන
අඩියෙන් අඩිය ගනන් කර කර ඔහේ ඇවිදිමු
නවතිමු හුස්ම වැටෙන බව දැනුනම
ආයෙමත් ඇවිදිමු

තණ ගහක් නැති නිර්වස්ත්‍ර වැල්ල මත
රැල්ලෙන් නග්න පය තෙමෙන විට
බෙරිවෙච්ච වැල්ලේම ඉදගමු
හිසට හිස තියාගෙන
ඉර ගිලෙන හැටි බලාඉමු

වළාකුළු රටා වල ඇස් තියන් හිනාවෙමු
සුලං හඬ විතරක්ම සවන් මත පුරෝගමු
මොහොතකට නිහඩවෙමු
හදවතට සීරුවෙන් ගැහෙන්නට ඉඩදෙමු

ගොම්මනේ අඩ අදුරේ සෙවනැල්ල හංගමු
අත් වලින් මුහුණ වහගෙන
ඇගිලි අතරින් සඳ දිහා බලමු
වැල්ලේම වැතිරිලා උඩ බලන්
තරු එකින් එක ගනිමු
සීතලට සඳ එලිය පොරෝගමු
රළ බිඳන සද්දයට නැලවිලා නිදියමු
සිහිනයෙන් ආදරේ කරමු

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, October 17, 2017

හැරයන්න බැරිමනම් ඒත් හැරයන්න

වලක් හාරන්න
මාව එහි වලලන්න
පස් දමා තලන්න
ඒත් මදිනම් ලොකු ගල් උනත් කමක් නෑ
පස් උඩින් දාලා කොටන්න

රවන්න ගොරවන්න ඔරවන්න
තරහනම් කියන්න
බනින්න
බැරිමනම් ගහන්න
එපා නිතරම රිද්දන්න
බෑ ඒක ඉවසන්න
මරනවානම් එකපාර මරන්න

එපා දෙවරක් හිතන්න
ඇවැසි දේ කරන්න
ඕන් නෑ අහන්න
එපා කිව්වත් කරනවානම් එපා අවසරගන්න

පිළිකුල්මනම් එපා ලඟඉන්න
යනවනම් යන්න
ඕනේ නෑ නවතන්න
ඔයි තරම්නම් පළා එපා මට බෙදන්න
හැරයන්න බැරිමනම් ඒත් හැරයන්න
ගියෝතින් එපා ආයෙමත් එන්න
දැන් ඉතින් යන්න

-සුනෙත් වෙඩිවර්ධන- (100)

Friday, October 13, 2017

දුටුවාද මාව දුටුවෙ නෑ නේද ? 

දුටුවාද මාව
ලඟ හිටියේ
නුඹ දෙසම බලාගෙන
රණ මොණරි පිල් විහිදාන
නුඹ රඟනවා බල බල
දුටුවෙ නැහැ නේද ?

කොහොමටත් රෑ හින්දා
හරි කළුවරට තිබුනා
කළු වලාකුළු පිරුනු  රෑ අහස
හරි සීරුවට වැහි බින්දු වැටුනා
පිනි සීතලත් හරි තදට තිබුනා
සුදු වුනත් හරි අඳුරු එලියක්
විදුලි බුබලක් සහය දුන්නා

දුටුවාද මාව
හුනු නොගෑ තාත්පයකට
මුක්කුවක් ගහගෙන තනිවෙලා හිටියා
තනිකකුලකින් හිටගෙන
නුඹ ගැනම හිත හිත
දුටුවෙ නැහැ නේද ?

ගිනි පුපුරු හද මඩල තැළුවා
උන් අල්ලදි මන් නොඇල්ලූ ඒ දෑත
සෙනෙහසින් නුඹ රැකගත්ත මගෙ
හදවතේ දොර පියන් මට හොරෙන් වැසුනා
පිටකෙනෙක් කර
උදව්වට ස්තූති කෙරුවාම
නුඹ හින්දා දුරස්කල ලඟින් හිටි සෙනෙහස
බොක්කටම ඇදගත්ත දුම් උගුර
පිටකලා තොල් අගින් නුඹේ නම එක්ක

දුටුවාද මාව
පදුරකට මුවා වි
ඔහු සමඟ නුඹ පිටවෙනවා
බලාගෙන උන්නා
තවකෙකුට අතවනා නුඹ
ගිහින් එන්නම් කිව්වා
මම බලාගෙන උන්නා
දුටුවාද මාව
දුටුවෙ නෑ නේද?

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, October 7, 2017

ඇරබියන් චිලිපේස්ට්

රටඉදි සුද්ද කරලා
ඇටේ විසි කරලා.
ගන්න රස රට ඉන්ද වෙන් කරලා
මැක්ඩොනලස් සෝස් පැකට්
දහයකුත් දමලා
එළුවිලින් අරගත්ත කෑලි මිරිසුත් ඒකටම දාලා
තිබ්බා පැය ගානක් පැත්තකට කරලා
පුංචි නින්දකුත් දාලා
අම්ම තේ හැදුව පසු ආයෙමත් නැගිටලා
ඔන්න දැන් හදනවා
සුදු ලූනු ඉගුරු කරපිංචා හෙම දාලා
මික්සරේ ලිපේ ඇති භාජනේ දාලා
නටනකම් ගින්දරේ රත්කලා තියලා
තාත්තා හරි අමුතු ජාතියක් හැදුවා
ඇහුවාම ඇරබියන් චිලිපේස්ට් කිව්වා.

-සුනෙත් වෙඩිවර්ධන-

කාව්‍යශේකාරාවිය

සියුම් තිතකින් ඇරඹී
සිරස් ඉරකින් නිමාවූ
ගීතවත් ප්‍රේමාන්දරයක්

හෘදයේ ඉම හේෂා කුර
බිදෙන රළු ශබ්දයක්
ගිලන් වි සයනයක සැතපී
හූල්ලනවා හෘදයක්
ලෝහිතෙන් කවි ලියනවා
අග්නි මත පය තබනවා

ඕ සිහන මුහුර්තයක්
අළුයමේ පමනක් දකින
ඕ කින්නරාවියක්
කිදුරු කොදෙව්වට නොයන

ඈ මා
කාව්‍යශේකාරාවිය
ලෞකික ගැඩවිලන්ගෙන් වසන් වී
කාව්‍යය යේ පරතෙරෙහි වෙසෙන
මා ස්වප්න ගිනි තැබුව
පස්සරට පිටු පෑව
නිස්සාර ප්‍රේමය

ඈ මා කාව්‍යශේකරාවිය
කවියෙහිම දිවි ගෙවන
කවියටම හිත පිදුව
ප්‍රේමයක් කැප කරන් ප්‍රේමයක් විදින
හිත් දෙකක වෙසෙන
පොරෙන්දුවකට දිවි පිදුව

-සුනෙත් වෙඩිවර්ධන-

Friday, October 6, 2017

නුඹ මගේ මල

හිතගියපු දා පටන් නුඹ මගේ හිත
ගැහෙන්නේ හද නොවේ මගේ හද නුඹ
පිනි පොකුරු බිම වැටුනු තන තිල්ල උඩ
මල් ගොමුව සිපගන්න මද සුලඟ නුඹ

අනත්තය ඉම පෙනෙන නිල් අඹර මැද
වළාකුළු නුඹෙ වුවන අරගත්තේ කිම
උදෑසන අතගත්ත පත්තරේ මුල
කවරයට නුඹේ රූපේ දැම්මෙ කවුරුද

හිමිදිරියෙ කන වැකෙන පැණි කුරුළු හඬ
අදහන්න බෑ උන් මුමුණන්නේ නුඹෙ නම
තරු හිනා වෙන රැට පුරා හඳ නුඹ
වණ බඹරු නැති දාට ගුමු ගුමුව නුඹ

වෙනෙදාට හූ ගාන මද සුලඟ අද
තාලයට නුඹේ නම පවසන්නේ කිම
දොළපාරේ ගලායන දිය බිදෙන හඬ
නුඹේ නම පවසනවා සේ ඇහුනා මට

දකින හැම හීනයම බදු අරන් නුඹ
අහන හැම සින්දුවෙම වචන වල නුඹ
බලන හැම කතාවෙම ඉන්නේම නුඹ
මගේ හිත අරගත්ත වරා මල නුඹ

නුඹ මගේ මල
නුඹ මගේ පණ
ආදරෙයි මම
මටත් ආදරේ දෙන්නේ
කවදාද නුඹ

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, October 2, 2017

පාන් නම් ගල්කන්ද

ගල්කන්ද බේකරියෙ පාන් රස අමතකද
චිකන් කරියට සෝස් බෝතලේම හලං අපි කෑව
සාක්කුවෙන් අන්තිම රුපියලත් එලියට ආව
ගල්කන්ද බේකරියේ පාන් අපි කෑව

ගල්කන්ද බේකරිය නමගත්ත බේකරිය
පානදුර ටවුමේ කේක් නම් ගල්කන්ද
පාන් කියලත් වෙනසක් නෑ ඒකටත් ගල්කන්ද
පාන් ගෙඩියක් ගන්න
 චිකන් හොදි එකට සෝස් දාගෙන
පොඩි කෑල්ලක් කන්න

ස්ටේසමට කඩිමුඩියේ කොච්චිය අල්ලන්න
දුවන අතරේ දඩිබිඩියෙ පොරකකා අරගන්න
ගල්කන්ද බේකරියේ පාන් රස අමතකද
වාටියත් කෑ හැකි පෝරණුවේ පිච්චෙව්ව
උණු උණුවේ සෝස් දාපු චිකන් හොදි එක්ක
තළු මර මරම කන්න
පාන් නම් ගල්කන්ද

රෝස් පාන් පෙට්ටි පාන්
සැන්විච් පාන් ලෝකල් ..
පෙති කපපු පාන්
දිග ජෑම් පාන් මත්වෙනවා කෑවම
කෝක තිබ්බත් ගැලපෙන්නේ පොඩි රෝස් .
ගැන්සියේ සේරටම හිත පිරෙනකම් කන්න
අතේ ඇති ගානට ගැලපෙනම රස කෑම
පාළුවට ගිහින් දැන් ගල්කන්ද බේකරිය
ගල්කන්ද බේකරියේ පාන් රස අමතකද
චිකන් හොදි එකට සෝස් වක්කරන්
තළු මරමරා අපි කෑව
හැමදාම හවසට
බඩගින්න නිව්ව

-සුනෙත් වෙඩිවධර්න-

Sunday, October 1, 2017

ඒ මලුත් මල් තමයි

ඒ මලුත් මල් තමයි
ඒ හිතුත් හරි පොඩියි
කාටවත් වටින්නැති
පරවෙන්න දින ගනින
ඒ මලුත් මල් තමයි

වේලිලා කරවෙලා
රැළි වැටුනු මල් පෙති
 වෙර අරන් දිගහැරන්
හීනාවෙන
හැකිලාලා ඇඹරිලා
පරවෙන්න ලංවෙච්ච
ඒ මලුත් මල් තමයි

කරදයි රැකගන්න අමාරුයි
උගුලන්න ගලවන්න
වල් පැලෑටිත් නෙමෙයි
පරවෙන්න ලංවුනත්
ඒ මලුත් මල් තමයි

හිතන්නෙත් පතන්නෙත්
අළුත් මල් වගේමයි
තේරුමක් බේරුමක්
කරගන්න අමාරුයි
ඒතරම් ජීවිතේ
කිසිකෙනෙක් දන්නේ නැති
ඒ මලුත් මල් තමයි
කාටවත් අල්ලන්න හිතෙන්නැති
මල් කියලා කාටවත් පේන්නැති
පරවෙලා වැටෙනකම්
කිසිම අගයක් නැති
ඒ මලුත් මල් තමයි

-සුනෙත් වෙඩිවර්ධන-