Thursday, October 26, 2017

අපේ හමුවීමට බාලගිරි දෝසේ

මලින් සැදුනු
මලට දෙවි වූ
මල්සරා හීය තාම නෑ විද්දේ
පෙමින් පෙඟුනු
පෙමින් පිරූණූ
සුපෙම් හැගුමක් මන් තාම නෑ වින්දේ

තැනින් තැන දකින දෑස් රඟපාන
මියෝලැසි සිහින සක්වලින් බහින
අනේකා ජාති මියුලැසියෝ අතර
අපේ හමුවීමට බාලගිරි දෝසේ

මටත් හිමිකාර කෙනෙක් සිටිනවද
එයත් හැමදාම මං හොනවාද
මටත් නැහැ තාම එයා හමුවූයේ
එයත් නැහැ තාම මා හොයාගත්තේ
ඉතින් මං තාම එයාවයි හොයන්නේ
අපේ හමුවීමට බාලගිරි දෝසේ

එයාමයි මෙයාමයි ඒ මෙයා තමාමයි
කිය කියා එක එකා ගැන හිතුවා
තාම මට හරි එකා මුණ ගැහුනේ නැත්තේ ඇයි
එයාටයි මෙයාටයි අරයටයි අනෙකටයි
ආදරේ විකුනලා මට හරිම මහින්සියි
අද නෙමෙයි හෙට මුනගැහෙයි
හෙට ආයේ ඒකමයි
දිනෙන් දින ගතවෙවී විසිපහක් හමාරයි

කියාපං බං මල්සරෝ
එයා
නැද්ද මේ දේසේ
අපේ හමුවීමට
ඇයි බාලගිරි දෝසේ

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment