-කියවනවනම් වෙලා අරන් කියවන්න නැත්තං
කියවන්නැතුව ඉන්න -
සිගරට් එක
ඒක තමයි සිගරට් බොන එකාගේ ආතල් එක
ඒ ආතල් එක ගැන නොබොන එවුන් කොච්චර බණ කතා
කිව්වත් ඒක උන්ට තේරෙන්නේ නෑ.
හැබැයි උන් ප්‍රශ්ණ කරනවා මොනවද සිගරට් බිලා
ලැබෙන්නේ ? . නිකන් සල්ලි පුච්චන්න එපා !. විශ උරනවා නේද ? එක එක ජාතියේ
වෙනස් වෙනස් ආවේනික ප්‍රශ්න ආවේනික කියුම් හරියට ඔය සල්ලි එකතුකරලා අරක ගන්න
තිබ්බා මේක ගන්න තිබ්බා වගේ කියුම්.
කියන්න ගියොත් දාහකුත් දේවල් .
මන් කියන භාෂාවෙන්ම ලියන්නම් .
ඇත්තටම ඇයි මිනිහෙක් සිගරට් බොන්නේ ?
සරල උත්තරය තමයි කලින්ම කිව්වේ .
ඒක තමයි සිගරට් බොන එකා ආතල් ගන්න විදිහ .
ඒකා ඒ සිගරට් එක බොන වෙලාවේ උපරිම නිදහසක්
විඳිනවා.
සිගරට් බොන්න පටන් ගන්න විවිධ හේතු තියෙනවා.
මීට දශක කිහිපයකට කලින්නම් සිගරට් බොනවා
කියන්නේ ආයේ හෙන ලොකු දෙයක් .ඉතින් දැන් ඉන්න ගොඩක් එවුන් ඒක අමතක කරලා. අළුත්
එවුන් ? උන් එක දන්නෙත් නෑ ! උන් දන්නේ සිගරට් බොන එක හරි නෑ කියන එක.
ඉතින් දැන් පුරුදු වෙන එවුන් බොන්නේ හැංගිලා
හැබැයි ඉස්සර සිගරට් බ්ව්වේ ලොකුකමට එලිපිට ඕකයි වෙනස. පොඩි එවුන් නම් ඒකාලේ
කොහොමත් බිව්වේ හැංගිලා . හැබැයි දැන් නම් උනුත් එලිපිට ගහනවා වයස හරි නම්.
ඉතින්
අර ලොකු කම ගන්න ගොඩදෙනෙක් සිගරට් බොන්න පටන් ගත්තාකොටින්ම සිගරට් බොනවා කිව්වම
කෙල්ලො යාළු කරගන්න ලේසියි කියලා චිත්‍රපටවලින් පවා පණිවිඩ දීලා තියෙනවා.
කොල්ලෙක් වුනාම සිගරට් එකක් බොන්න ඕනෙම කියල
දෙයක් තිබ්බා ඒ දවස් වල.
ජෝන් ප්ලේයර් ඇඩ් එක යද්දි ආසාවෙන් බලන්
හිටපු අය නෑ කිව්වොත් බොරු .
මේකතාවේ ඇත්ත නැත්ත ඒ අය දන්නවා බොරුනම්
ඒකත් කියන්න . වෙනස් වෙන්න ඕනෙ නම් ඒකත් කියන්න.
දැන් ඉතින් එහෙම ඒ කාලේ සිගරට් බොන්න පුරුදු
වෙච්ච අය ඒ කේ තියෙන ආතල් එක ඒ නිදහසට පුරුදු වෙච්ච අය කවුරු කොහොම කිව්වත් සිගරට්
බිව්වම මෝඩ පාටයි කිව්වම සිගරට් බොන එක නවත්තයිද ?
මොකද සිගරට් බොන එකා තමයි දන්නේ ඒකේ තියෙන
අමුතු ආතල් එක ඒකෙන් ලැබෙන අමුතු නිදහස.
හරි දැන් කියමුකෝ මේ කාලෙත් සිගරට් එකේ ඇත්ත
තත්වේ පෙන්නලා සේරම කරලත් ඇඩ් දාලා සිගරට් බීම පිලිකා ඇතිකරයි කියලා පැකට්වල එක එක
රූප දාලා තිබ්බත් සිගරට් බොන්න කොල්ලෝ පටන් ගන්නවනේ ඒකටත් හේතු තියෙනවා
එක්කෝ උන්ගේ තාත්තලා අර කාලේ සිගරට් බොන්න
පටන් ගත්ත අය. ගෙදර උන්ට හොරෙන් සිගරට් එක තාත්තා බිව්වත් කොහෙන් හරි කොල්ලා දැකලා
තියෙනවා නැත්තං දන්නවා බොනවා කියලා . ඌ ඕක තාත්තට කොච්චර බයිලා කිය කිය හිටියත්
ඇත්තට මොකක්ද ඔච්චර තාත්තා මේකෙන් කරන්නේ කියලා බලන්න කියලා ගහන්න ගනනවා .
හැමෝම නෙමේ එහෙම නොකරන අයත් ඉන්නවා සියයට
ගනන් කියන්න දන්නේ නෑ බොහොම පොඩි ප්‍රමාණයක් .
අද ඉන්න කොල්ලෝ දහයක් ගත්තොත් හත්දෙනෙක් ම
සිගරට් බොන එක බොනවාමයි නැත්තං හයදෙනෙක් හරි බොනවා නෑ කියලා ඔප්පු කරන්න කාටවත් බෑ
ඒක තමයි ඇත්ත .
ඒ බොන එකත් එක එක විදිහට සීමා වෙනවා. බිව්වට
පස්සේ . කෑවට පස්සේ එකක් ගහන . අර කිව්ව ආතල් නිදහසට එකක් ගහන . කොයි එකටත් සිගරට්
ගහන වෙලාව යවාගන්න සිගරට් ගහන ඔය වගේ .
දැන් අර කිව්ව විදිහට තාත්තා විතරක් නෙමේ නිකන්
දකින ඕනම පුද්ගලයෙක් නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ කිව්ව එක ඇතුලේ හැම දේම තියෙනවා .
යාළුවන්ගෙ ඉදන් නෑයෝ වෙන ,නෑයෝ නොවෙන ඒ
කියන්නේ දකින ඕනම පුද්ගලයෙක් සිගරට් එකක් බොනවා දකින එක නිසා උත්සහ කරලා බලන්න
පුළුවන්.
කොටින්ම අද කාලේ සිගරට් බොන්න පටන් ගන්නෙම
ආතල් එකට ඒ කියන්නේ නිකන්ම ආතල් එකට ඕක බිව්වම තියෙන ආතල් එක නොදැන වෙන ආතල් එකකට
තමයි පටන් ගන්නේ බිව්වට පස්සේ එනවා දැන්
සිගරට් එකක් බිව්වොත් හොදයි කියන සිතුවිල්ල ඒ සිතුවිල්ල ගැන පස්සේ කියන්නම් අන්න ඒ
නිසා දිගටම බොන්න පටන් ගන්නවා.
සමහරු ඔකේ ආතල් එක දන්නෙත් නෑ සිගරට් බොන්න
ඕනේ කියන සිතුවිල්ලට බොනවා.ඒ කියන්නේ බොන
එක ආතල් එකට ගන්නවා හැංගි හැංගි සිගරට් එකක් බොන එක ආතල් කියලා.
සමහරු සා මරු කටින් දුන් යනව කියලා බොන්න
ගන්නවා. සමහරු බෝල යවන්න ට්‍රයි කරලා පටන් ගන්නවා.
මේකෙන් වැඩියෙන්ම බොන්න පටන්ගන්නේ කොළු කමට
ආතල් එකට. සිගරට් බ්ව්වම ආතල් කියලා නොදැන උන් ගන්නේ පොඩි ආතල් එකක් .
අනිත් එක ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක ඕක
බිව්වම සහනයි කියලා පටන් ගන්න අය ඉන්නවා නැත්තං කවුරුහරි යෝජනා කරලා වෙන්නත්
පුළුවන්'
සමාජයේ තියෙන දෙයක් තමයි ප්‍රශ්න නිසා සිගරට්
බොන්න පටන් ගන්නවා කියලා ඕව් ඒක ඇත්ත එහෙමත් වෙනවා හැබැයි ඒකේ තියෙන්නෙත් අර ආතල්
එක.
තව දෙයක් සිගරට් බොනවනම් ටකස් ගාලා යාළුවො
සෙට්වෙනවා. සිගරට් බොන හැම එකාම යාළුවෝ වචනයක් හරි කතා කරනවා. කොටින්ම සමහර
යාළුකම් පටන්ගන්නෙ සිගරට් එක බොන්න ගින්දර ඉල්ලන්න ආමන්ත්රණයට ඉස්සරට දාලා කියන
වචන ටිකත් එක්ක කියන ගින්දර කියන අකුරු හතෙරෙන්.
ඒ
සමහර ඒවා මැරෙනකම් ම තියෙනවා. සිගරට් එක නිසා හිතන්නෙවත් නැති පුද්ගලයොත් මිතුරු
වෙනවා. ලොකු ලොකු අය පවා . මාර අවස්ථා පවා හිමිවෙනවා. සමහරුන්ට රස්සා පවා හම්බෙලා
ඇති . හොය හොය හිටපු දේවල් .ඇයි සිගරට් බොන කොට කතා කරන දේවල් . ඒ පොඩි වෙලාවේ මාර
දැනුමකුත් ලැබෙනවා ඒ අයට.
ආ දැන් මට ප්‍රශ්නයක් මන් සිගරට් එකක් බෙනවා
කියලා සිගරට් එකක් බොන වෙලාවට හිතේ වැඩ කරන්නේ කටින් දුන් යනවා, දුන් ගියාට පස්සේ
සිගරට් එක උරන්න ඕනේ ,ආයේ දුන් ගන්න ඕනේ ,ආයේ පිට කරන්න ඕනේ ඔය වගේ සිගරට් එක
සම්බන්ධ සිතුවිලි විතරයි .
ඉතින් ඒක නිදහසක් නෙමේද ?
ඒ මොකක් හරි තියෙන ප්‍රශ්නෙන් ඒ සිගරට් එක
අළු වෙලා විසි කරනකම් නිදහස් ඊට පස්සේ ආයේ ප්‍රශ්නේ තමයි හැබැයි ඒ ප්‍රශ්නේ ගැන
හිතන්න ගන්නේ ආයෙත් හිතන්න ගන්නවා කියන කෑල්ලත් එක්ක .අළුතින් නෙමේ ආයෙත් හිතන්න
ගන්නවා. නවත්තලා පටන් ගන්නවා වගේ දෙයක්.
සිගරට් බොනවනම් ඌ එකපාරක් හරි ගංජා බීලා
බලන්න පුළුවන් සම්භාවීතාව සීයයට අනූවක්ම තියෙනවා.
ගහනවම තමයි ඒ සම්භාවිතාව එහෙමමයි. ට්‍රයිකරන්න
පාරක් හරි ගහනවම තමයි.
ඇත්තටම මොකක්ද සිගරට් එකේ තියෙන ආතල් එක .
ඇයි සිගරට් බොන්නේ . ඒකට හේතුව දන්නේ සිගරට්
බොන්න පුරුදු වෙච්ච එකෙක් විතරමයි.
1 . අර කිව්ව ආතල් නිදහස ඒක මෙහෙම කියන්නම් සිගරට්
බොන එකා උගේ නිදහස භූක්තිවිදින්න යොදාගන්න මාර්ගය කියලා මනසේ තියෙන්නේ සිගරට් එක
ඒකට මූලික වෙන සිතුවිල්ල තමයි “දැන් සිගරට් එකක් බිව්වනම් හොඳයි “ කියන සිතුවිල්ල ඒ
සිතුල්ල මනසට ආපු වෙලාවේ ඉදන් ඒක ක්‍රියාත්මක කරනකම්ම ඒක මනසේ තියෙනවා. ඊට පස්සේ
පොඩි ෆ්‍රි එකක් ඕනේ කියන හැගීම එනකම් ඕන වැඩක් කරන්න පුළුවන්. දැන් සිගරට් එකක්
බිව්වනම් හොදයි කියන්නේ පොඩි ෆ්‍රි එකක් තිබ්බනම් හොඳයි කියන එක.
2. කෑවට පස්සෙ බොන සිගරට් එකේ තියෙන්නේ
අමුතු එකක්. ඒ සිගරට් එකෙන් අමුතුම හැගීමක් එනවා . බොන දුම් උගුරක් උගුරක් ගානේ ඒක
දැනෙනවා ඉතින් මේ හැගීමට කැමති අය කෑවට පස්සේ සිගරට් එකක් බොනවම තමයි.
3- අරක්කු ටිකක් බිලා සිගරට් එකක් බිව්වම
තමයි වදින්නේ . සිගරට් නැතුව අරක්කු බීලා වැඩක් නෑ වගේ . ඒ වගේම ෂොට් එකක පරතරය
සිගරට් එක තීරණය කරනවා. ඔය ගංජා වලටත් එහෙමම තමයි පදම තීරණය කරන්නේ සිගරට් එක.
4 සතුටට . ප්‍රශ්ණවලට , දුකට , ඔය එක එක දේවල්
වලට සිගරට් බොන්නෙත් ඉස්සෙල්ලා මුලින්ම කියපු නිදහස් කියන කරුණ නිසා.
5 . සිගරට් ඉතින් කඩවල තියෙන නිසා නිදහස
හොයාගන්න ලේසියි ඕක හැම කඩේම නැති වුනානම් බොන එක අඩුවෙනවා
දැන් ඔය කරුණු තමයි සිගරට් බොන්න මූලික වෙන
කරුණු සිගරට් බොන අය මේ කරුණු අනුමත කරාවි.අනි වාර්යයෙන්ම මොකද මේ තමයි ඇත්ත
කරුණු. සිගරට් බොන එක නවත්තන්න කරන්න තියෙන්නේ
කියන්න ගියොත් හෑලි ගොඩක් තියෙනවා ඒනිසා
දැන් මට කියන්න ඕනේ වුනේ මේකයි සිගරට් බොන එක නවත්වන්න ඕනෙ නම් ඔය සිගරට් එක
බිව්වම තියෙන ආතල් එක නැතිවෙන්න ඕනේ නැත්තං ඒ ලබන නිදහස නැතිවෙන්න ඕනේ . කොටින්ම
කිව්වොත් සිගරට් බිව්වම ආතල් කියන අදහසයි නැති කරන්න ඕනේ හිතින් .
මෙහෙමයි සිගරට් බොන්න පටන්ගත්ත එකෙක් ගෙ
ඔළුවෙන් ඕක මොලේ අයින් කරත් අයින් කරන්න බෑ මොකද සිගරට් එක බිව්වම ලැබෙන්නේ අමුතු
ආතල් එකක් ඒක දන්නේ බොන එකා විතරයි ඌට ඒක ආතල් .
අන්න එහෙම එකෙක්ට සිගරට් නවත්තන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ . ඇඩ් දාලා ගනන් වැඩිකරලා ඔවදන් දීලා සිගරට් බොන එක නවත්තවන්න කිසි කෙනෙක්ට බෑ.මොන ජගෙතෙක්ටවත් බෑ .
අන්න එහෙම එකෙක්ට සිගරට් නවත්තන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ . ඇඩ් දාලා ගනන් වැඩිකරලා ඔවදන් දීලා සිගරට් බොන එක නවත්තවන්න කිසි කෙනෙක්ට බෑ.මොන ජගෙතෙක්ටවත් බෑ .
මන් වගේ සිගරට් බීලා ලෙඩ වුනොත් ඔන්න
නවත්තන්න පුවවන් මොකද මොකා වුනත් ජීවිතේට ආදරෙයිනේ .ඌ නවත්වනවා.
ඒ කියන්නේ මොකක් හරි විපාකයක් වෙන්නම ඕනේ
සිගරට් බොන එකෙක් සිගරට් නවත්වන්න . එහෙම නැත්තං ලංකාවේ සිගරට් තහනම් කරන්න ඕනේ . දැන්
වෙනකොට සිගරට් වල ආනිසංස හැමතැනම කියන නිසා මේ වෙනකොට සිගරට් බොන්න අළුතින්
පටන්ගන්න ප්‍රමාණය යම් තාක් අඩුවෙලා තියෙනවා. හැබැයි තාමත් අර කිව්ව විදිහට කොල්ලෝ
දහයක් ගත්තොත් හත්දෙනෙක්වත් බොන එක බොනවම තමයි එහෙන් මෙහෙන් කෙල්ලොත් ඉන්නවා උන්
හොරෙන් හරි උත්සහ කරනවා . කොච්චර බැන්නත් එලිපිට .
ඒ නිසා සිගරට් බොන එකාට ඔවදන් දීලා වැඩක් නෑ
ඌ බොන එක බොනවම තමයි පුළුවන්නම් අළුතින් පටන් ගන්න පුළුවන් තැන් ටික නවත්තන්න
උත්සහ කරමු මොකද දැන් බොන්න පටන් ගත්ත කාන්ඩෙන් පස්සේ ආයේ අළුතින් බොන්න පටන් ගන්න
කාන්ඩෙ නිසා තමයි තව කාන්ඩයක් පටන් ගන්නේ ඉලෙක්ට්‍රික් සිගරට් එකක් හරි බොනවම තමයි
හැම එකාම මොකද ඒක බිව්වම සෞඛ්‍යයට අහිත කරනෑනේ .
ඒ හින්දා සිගරට් බොන එවුන් බීපල්ලා තොපි
තේරුම් ගන්නේ බීලා මොකක් හරි වුනාමම තමයි නැත්තං මොකා කොහොම කිව්වත් තේරෙන්නෙ
නෑ.ඒකයි ඇත්ත හැබැයි තාම නොබීපු එවුන් මේකේ තියෙන ආතල් එක ගන්න උත්සහ කරන්න එපා
ආතල් තමයි හැබැයි ඒ ආතල් එකට ඇබ්බහි වෙනවා . එහෙම කිව්වට වැඩක් නෑ උන් ට්‍රයි එකක්
දෙනවම තමයි ඒ නිසා මූකූත් කියන්නෑ උඹලම දවසක තේරුම් ගනියි උඹලම සිගරට් බොයි උඹලම්
දවසක නවත්තයි . උඹලම ආයේ පටන් ගයි . කෙලම වුනාම ආයේ නවත්තලම දායි වැල් බයිලා ඔවදන්
දෙයි අනිත් එවුන්ට . එහෙම කිව්වම උන් නවත්තයිද නෑ උන්ටත් ඒටිකම උනාම උන්
නවත්තයි.
මේ ලෝකෙන් සිගරට් කියන එක නැතිනොවුනොත්
සිගරට් බොන එක නවතින්න්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා සිගරට් බොන හත්දෙනා තෝරන්න සිගරට්
නැති කරමු. ඒක වෙයිද නෑනේ එහෙනම් හිත හදාගන්න සිස්සටම් එක බූට් වෙනවා පවර් ඔෆ්
වෙන්නේ නැත්තං දිගටම කෝඩ් එක රන් වෙනවා සොෆ්ට්වෙයා එක රන් වෙනවනම්.
සොෆ්ට් වෙයා
එක නවත්තන්න නම් පවර් ඔෆ් කරලාත් වැඩක් නෑ
ආයේ ඔන් කලාම ආයේ රන් වෙනවා අන්ඉන්ස්ටොල් කරන්නම වෙනවා. ඒ කරලත් ඕව් කරන්න වොනවා ඒ
කියන්නේ සිගරට් කියන දේ නැති කරන්නම වෙනවා. ඒ හින්දා ඒක නැති කරන්න වැඩ කරන්න .
-සුනෙත් වෙඩිවර්ධන-
No comments:
Post a Comment