Tuesday, July 25, 2017

අවසාන කවිපදය

අවසාන කවිපදය ලියමි
තිත තබා අවසන් කරමි

කලකිරුණු හිත මතම
මියෙමි
ලියන පදයක් ගානෙම
යටි හිතෙන් අඩමි
මතුපිටින් සිනාසෙමි
නුඹ දෙසම බලාඉමි
ඇල් මැරුනු සිතකින් සිතමි
මම අවසාන කවිපදය ලියමි.

ඉඩ තියෙන තැනකින් පටන්ගමි
ලියමි මම වෙන්වෙමි
ඇගිලි අග නියපොතු සපමි
ඉදින් මම නවතිමි
කෙසේ නම් ලියමි

මොහොතකට ඇස් පියාගමි
යලිත් නුඹ දෙස බලමි
නුමේ නෙත් මත නිදමි
යළි සිතමි

අවසාන කවිපදය ලියමි
තිත තබා අවසන් කරමි

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, July 15, 2017

ගැබ්බරයි ප්‍රේමය

සයමසක් මේරූ
දරුගැබකි මගේ පෙම
උපදින්න වෙරදරන
නුඹ නිසා ගැබ්ගත්ත

නුඹේ හිත සමගින්
මගේ හිත සිදුකල
අනවසර ඇසුරින්
ගැබ්බරයි ප්‍රේමය

හැකිවේද ප්‍රේමයට
කුළුඳුලේ උපදින්න
ජාතකේ ලියා
නුඹ නමට

තිස්සේම
උපන්ගෙයි මියයන
තවම නූපන් මගේ ප්‍රේමය
නුඹ හිතට දාවයි
මගේ හිතේ ගැබ්බරයි

-ආදරේ කියන්නේ නොහික්මුනු කලාවක්-
-සුනෙත් වෙඩිවර්ධන-

Friday, July 14, 2017

මේක පට්ට

ඒක පට්ට මරු අදහස
හැමෝම කියනවා ඒක
බලන් යද්දි හැම දෙයක්ම
පට්ට වැඩක් වෙලා ඔන්න

කවුරුත් නැති එකෙක් කියලා
තනිකම එල පට්ට කියලා
හැබැයි ඔන්න තව එකෙක්ට
බඳින එකත් පට්ට වෙලා

මැරුනත් දැන් ඒක පට්ට
මොකක් කලත් ඒක පට්ට
මොනව උනත් ඒක පට්ට
නිකන් ඉන්න එකත් පට්ට

අම්මට සිරි ඒක පට්ට
අඩන එකත් වෙලා පට්ට
හීනා වුනත් ඒක පට්ට
දැන් රැල්ලක් වෙලා පට්ට‍

ඉස්සරනම් වල්ල පට්ට
විකුණ ගත්තොතින්නෙ පට්ට
දැන් ස්ටේටස් එකක් දාලා
රැල්ලේ ගියොත් තමයි පට්ට

හුරුවෙයන් මචං රැල්ලෙ නොයා
රැල්ලට යන එවුන් දිහා
වැල්ලෙ ඉදන් බලන් ඉන්න
එහෙම ඉදන් ලිව්ව මේක
කියවාපන්

ඒක පට්ට

- සුනෙත් වෙඩිවර්ධන -

Monday, July 10, 2017

මචං බස් නැවතුම

ඉතින් බස නැවතුම
කියන් උඹෙ සැපදුක
ආවේ නෑ කාලෙකින්
හොඳින් උඹ හිටියද

සෙනග නේ හැමදාම
උදෙටත් හවසටත්
හැමදාම දකින බස්
ආවාද අද දිනෙත්

මටත් පොඩි ප්‍රශ්නයක්
දන්නවනේ උඹ ඉතින්
ඈ දකින්නට මිසක්
එන්නෑනේ මම ඉතින්

මචං බස් නැවතුම
යාළුවොනෙ අපි ඉතින්
පොඩි දෙයක් ඇහුවොතින්
කියනවද මට ඉතින්

හැමදාම වගේ ඈ
හවස ඔහෙ ආවද
බස් එකක් එනකම්
හෙවනකින් හිටියද

ලංගමක් එනතුරු
තනියෙන්ම හිටියද
කතා කර කර ඉන්න
අක්කලත් හිටියද

සනීපත් නෑළු බං
ඒ නිසයි ආවේ මං
දැන් මොනව කරන්නද
මට නොකියා ගිහින් නං

හෙට උදේ දැක්කොතින්
උදව්වක් කරනවද
මමත්  එනකම් ටිකක්
ඉන්න යැයි කියනවද

ඔන්න බං උඹ ඉතින්
නොකිව්වොත් එහෙම බන්
ආයේ නම් මම් උඹත්
ඒක්ක නෑ කතාවක්

-ආදරේ කියන්නේ නොහික්මුණු කලාවක්-
-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, July 8, 2017

ස්නේහයේ අවසාන හුස්ම පොද


උඩු හිතට හොරැහින්
යටි සිතෙන් පැන නගින
අපරිමිත ස්නේහයක්
නුඹ නමින් නැගෙන
මියයමින් තිබෙන

අයිතියක් ඇති නමුත්
අයිති කර නොගනිමින්
නුඹ නොවිඳිමින් විඳින
අපරිමිත ස්නේහයක්
නුඹ නමින් නැගෙන
මියයමින් තිබෙන

විඩින් විඩ නැගෙමින්
හිමි හිමින් ගැහෙමින්
විටින් විට වද දෙමින්
නුඹ නමින් මගෙ හිතේ
නුඹේ අනවසරයෙන්
මට හොරෙන් නැගුන

මිය යමින් පවතින
අපරිමිත ස්නේහයේ
අවසාන හුස්ම පොද

වැටෙන්නට කලියෙන්
රැකගන්න
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

රළ නොමැති සයුර මත
හිරු ගිලෙන ක්ෂිතිජයේ
ඉතිරි හිරු කිරණක්ය
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

සඳ නොමැති අහස් කුස
අඳුර මැද එළිය දෙන
තනි සිකුරු තරුවක්ය
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

ඉක්මනින් වැටේවි
වැටෙන්නට කලියෙන්
රැකගන්න
නුඹ නමින් මගෙ හිතේ
මිය යමින් පවතින
ස්නේහයේ අවසාන හුස්ම පොද

- ආදරේ කියන්නේ නොහික්මුණු කලාවක් -
-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, July 2, 2017

ආවඩාපන් ඇහැළ හනිකට

ආවඩාපන් ඇහැළ හනිකට
ඇහළ ගසකට මල් පිපෙන්නට
බලා හුන් වසරක් මුළුල්ලෙම
ආ වඩාපන් ඇහැළ හනිකට

ඇහැළ හීනෙක නිදියගන්නට
ඇහැළ මල් දෝතින් නෙලන්නට
වළි කුකුල් ගීයට නටන්නට
ආවඩාපන් ඇහැළ හනිකට

ඇහැළ සුළගට හූ තියන්නට
ඇහැළ කිචි බිචි  හඬ අහන්නට
දුවන වැස්ස්සට හිස තෙමන්නට
ආඩාපන් ඇහැළ හනිකට

කොහා තාමත් හඩලනවා මෙහෙ තාම අවුරුදු කොහාට
ඇහැළ මල් වල සුවඳ පවසයි පොසොන් මාසේ නිමාව
තුන්මසක් අහවරයි බව කොහා තේරුම් ගන්නට
ඇහළ සඳ තව අහල වත් නෑ ආවඩාපන් හනිකට

-සුනෙත් වෙඩිවර්ධන-