Monday, July 10, 2017

මචං බස් නැවතුම

ඉතින් බස නැවතුම
කියන් උඹෙ සැපදුක
ආවේ නෑ කාලෙකින්
හොඳින් උඹ හිටියද

සෙනග නේ හැමදාම
උදෙටත් හවසටත්
හැමදාම දකින බස්
ආවාද අද දිනෙත්

මටත් පොඩි ප්‍රශ්නයක්
දන්නවනේ උඹ ඉතින්
ඈ දකින්නට මිසක්
එන්නෑනේ මම ඉතින්

මචං බස් නැවතුම
යාළුවොනෙ අපි ඉතින්
පොඩි දෙයක් ඇහුවොතින්
කියනවද මට ඉතින්

හැමදාම වගේ ඈ
හවස ඔහෙ ආවද
බස් එකක් එනකම්
හෙවනකින් හිටියද

ලංගමක් එනතුරු
තනියෙන්ම හිටියද
කතා කර කර ඉන්න
අක්කලත් හිටියද

සනීපත් නෑළු බං
ඒ නිසයි ආවේ මං
දැන් මොනව කරන්නද
මට නොකියා ගිහින් නං

හෙට උදේ දැක්කොතින්
උදව්වක් කරනවද
මමත්  එනකම් ටිකක්
ඉන්න යැයි කියනවද

ඔන්න බං උඹ ඉතින්
නොකිව්වොත් එහෙම බන්
ආයේ නම් මම් උඹත්
ඒක්ක නෑ කතාවක්

-ආදරේ කියන්නේ නොහික්මුණු කලාවක්-
-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment