Saturday, July 15, 2017

ගැබ්බරයි ප්‍රේමය

සයමසක් මේරූ
දරුගැබකි මගේ පෙම
උපදින්න වෙරදරන
නුඹ නිසා ගැබ්ගත්ත

නුඹේ හිත සමගින්
මගේ හිත සිදුකල
අනවසර ඇසුරින්
ගැබ්බරයි ප්‍රේමය

හැකිවේද ප්‍රේමයට
කුළුඳුලේ උපදින්න
ජාතකේ ලියා
නුඹ නමට

තිස්සේම
උපන්ගෙයි මියයන
තවම නූපන් මගේ ප්‍රේමය
නුඹ හිතට දාවයි
මගේ හිතේ ගැබ්බරයි

-ආදරේ කියන්නේ නොහික්මුනු කලාවක්-
-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment