Sunday, October 18, 2015

අළුත් කන්ණඩි

අදුරට සමුදෙන්න ගෙනා
අළුත් කන්ණාඩි
දකුණ බොතල් අඩි
වමට නිකන් අඩි
හැබැයි මාරයි
දැන් ලෝකෙ පෙනෙන හැටි
මාරයි
වසරක් අඳුරු ලෝකය
සැනෙන් එළිය වු හැටි

එළියයි
අඳුරු තැන් එළීයයි
එළියයි
එළිය තැන් තව එළියයි

අළුත් කන්ණඩි
හොඳයි
හැබැයි හිතට බරයි.

- සුනෙත් වෙඩිවර්ධන -

Thursday, October 15, 2015

බේරෙට දුක කියන කොළඹ

Photo Credit - Pathum Wickramasinghe
ගොම්මනට ඉකි බිදින
මැද කොළඔ අහස
බේරෙ වැව දිලිසෙනවා
අහස් රඹ පාටට

දියකාවො මොර තලයි
ඟද ගහන සුලගට
හඩ නඟයි සුළගින්
කොළඹ කී දුක බේරෙට






හොල්මන් නොමැති
පාරවල් අතරේ
හොල්මන් කරන පැල්පත්
නිසොල්මන් ගොඩනැගිලි
අලසව ගොඩනැගෙන
නෙළුම් කුළුනේ මුදුණට
සුදු පාට වළාපෙළ වදිනවා
හවසට
                                                                                                                                                       
කොළපාට බේරෙට
කෙළ ගහන තරමක
බොරපාට හවසට
කුණු පිරෙණ ඉවුරක

ගොම්මනේ අසිරිය
මැද කොළඹ අහසට
ගෙනෙන සිරි නෙතගට
බලනු පින් තිබ්බද?

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, September 28, 2015

කිකිලි

උබට හොද වැඩේ
දැන් ඉතින් කෙකර ගාපන්
ඒත්
බිත්තරේ වැටෙන්නෙ නෑ
නිකම්ම නිකම් ෆාම් කිකිලියෙක්
බිත්තර දැම්මත් වැඩක් නෑ
මස්කඩේ තමා හොදම තැන
මුදලාලි හොදට සළකයි
ඊලග ආත්මෙදිවත් බලපන්
කන්න කලින්
පනුවා
කන්න පුලුවන් එකෙක්ද කියලා
නැත්තං
ආයෙ බඩරිදෙන්න ගනී

රෑ මිලින වූ කඩුපුල් මල සේයා

ලක් දණ සුවෙන් සුව නින්දේ ඇති රෑක
ලක් දියණියක් හට රහසේ  සිදුවූ     දේක
ලක් දෙරණේ සිටියත් දෙවියන් නේක
උන් එකෙකුවත් නැහැනේ දැක්කේ මේක

පෙර පාසල් යන වයසේ සිටි සේයා
හැම විට මව්පියන් හට හුරතල් වේයා
තව හුරතල් වේ ඈ සමඟින් සීයා
ආච්චිට නම් ඇ බඩගිනි මීයා

උපන්දිනේ එනවා මගෙ ලඟ ලඟම
මොනවද මට දෙන්නේ අම්මා එහෙම
බෝනික්කෙක් දෙන්නම් යැයි කිව්වාම
ඈ හිත පිරුණ සතුටින් මේ තුන්ලොවෙම

පියා නෑ ගෙදර පිටවී ගොස් ඇත ඔහු අද රෑ වැඩට
අත්අම්මා සියත් එක්කන් ගොස් නේ මළ ගෙදරකට
අයියා නංගී අම්මා පමණයි සිටියේ ලඟ සේයාට
ඈ පහසුවෙන් හසුවූවා මරුවගේ ඇහැට

රෑ ඝණ අඳුර මැද එළියයි පුන්සඳ පායා
ඇත මව් තුරුලේ නිදයන් පින්කඳ සේයා
මහ රෑ පැමිණි නොමඳත් මරුවගේ සේයා
මොන දෙව් දේවතාවියකටවත් නොපෙනේයා

මව් තුරුලේ සුවනින්දේ සිටිසේයා
කෙලෙසද ගෙන ගියේ ඒ වල් පරයා
කෙලෙසා මරා කැලයක උදයේ සිටියා
රෑ මිලින වූ කඩුපුල් මල සේයා

මෙය සිදු කලේ ලඟ නිවසක වැසියෙක්ය
තව එක්කෙනෙක් පාසල් යන සිසුවෙක්ය
කොණ්ඩය තමා කල බව පිළිගත්තාය
එනමුත් තවම මෙය මට අභිරහසක්ය

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, September 15, 2015

උකුස්සා

උකුසු ඇස් දෙකක්
දුරකථන තිරය මත
ඇගේ හෙට දවසම
උකුස්සගෙ ඇස්වල

හෙට වැඩට යනවද
ගෙදරමද ඉන්නේ
චිත්‍රපට ශාලාව
ඇරලද තියෙන්නේ

කෙටි පුවතක්ය දුර
ඇයත් ඔහුගෙත් අතර
අඟලක විදුරවක්ය
උකුස්සා ඇයට දුර

හැදන් සිටි සායම
ගැලවෙන්න හේතුව
ඇගේ සිට අඩි දෙකක්
උකුස්සට නැතිකම

වීදුරුය පස්සේ
ෆෝන් එක අත්ලේ
වීදුරුව පස්සේ
උකුස්සය ඉන්නේ

ඔවුන් හෙට දවසේ
මොනවද කරන්නේ
ඔවුන් හැර ඒ දේ
උකුස්සත් දන්නේ

ඉදින් අවසානෙ ඈ
උකුස්සව දකින්නේ
ඉතින් බොල උකුස්සෝ
හෙට මොකද වෙන්නේ

-සුනෙත් වෙඩිවර්ධන-




හිමිකමට කහිමි

හිමි නැතත් අහිමි නැති
පියාඹන හදවතක්
නියාගෙන කවි කියන
මේ තරම් ප්‍රේමයක්

නුවන් අග කදුළු නැති
තැනින් තැන පළුදු ඇති
රිදුනු තැන් මතක නැති
අහිමි නැති හිමිත් නැති
මහට හිමි මට අහිමි
අයිතියක් උවමනා නැති
මේ ආදරය සිහිනයක්

රාගයට තාල නැති
තාල පද වැයෙන රිසි
බාල නැති ගනන් සෘති
ඇති නොමැති සිත් රතී
මහට හිමි මුත් අහිමි
කිසිදිනක නොලැබෙනා
ප්‍රේමයක්
ප්‍රේමයත් සිහිනයක්

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, August 18, 2015

අව නොවු මගුල

අහො ඒ මළගෙය
ඉතිකින් අවසනද ?
උනුන් අප හා සටන් කල බිම
අප්පච්චි වැලළීලද?

නොමළ වුන් ඉකි ගසන මලවුන්ගේ කනත්තේ
මළවුන්ගෙ කර මතින් මළමිනිය නැගිටිටේ
මළ නොමල උන් කවුද කෙනෙකු නැත දැන්නේ
නමුත් ඒ වගක් වත් මලවුන්ට නැත්තේ

අවමගුල් භූමියක
මගුල් බෙර නොවැයුනද
අව මගුලේ අව කපා
මගුල සැමරිය යුතුය

දිනුව උන් කවුරුන්ද?
පැරදුනේ කවුරුන්ද?

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, July 19, 2015

නොමියෙන මිනිසුන්

කෙල ගැඹුරු නිසල බව
පිටුතලය කොට රැගෙන
මිහිතලය පිට කරන සුෂීර
උනුහුමද ගෙන
හුස්මටම කාවදින
පුෂ්පයන පුසුඹ මැද
භස්මාවශේෂ වන මළ සිරුර කාගේද

හිරු ගිලින්නට තරම් සූසාල පතලක
සඳ එලිය මුවා කල කටු පඳුරු තුරුලක
රුදු සතුරු බල බිදළු නර සිංහ හදවත
ඉකි ගසා අඩන මරු සනසන්න මියුනද

අවාරෙට කෑ ගසන කොව්ලෙකුගෙ හඩ මැද
ගෙරි හමින් පැන නගින මාර පද තාලෙට
මවකගේ සෙනෙහෙ මැද මොර තලන සුළඟට
සිංහ පුතු සැතපෙනවා අඩි හයක පතලක

හෙට දිනක පෙරදිග සයුර අග නැගෙන නව අරුණැල්ලක
හෙට දිනකඋපදින්න මඟ බලන බිලිදන්ගෙ  සුබ සිහිනෙට
දිවියෙන් පුදා පණ කැප කෙරූ අරුතක් දිනා දුන්  විරුවට
හොරණෑ හඩින් දෙන උත්තමාචාරය පමනක් ද  හිමි උරුමය

ගනිව් ගම් නියම් පුරා මේ සා ගනන් දිවි පුද කෙරූ
පුතුන් ඇත බිම සැතපිලා රුහිරය හෙලා මව්බිම රැකු
උතුම් නිදහස දිනාදුන් නිසාවෙන් දකුණත අරන්
හෙලන් නලලත තියා බිම දුටුව විට රණ විරුවෙකුන්

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, June 28, 2015

වහින්න

තරහින් රවන්න
ඔරවන්න ගොරවන්න
මහ වැස්සකට
අතවනන කළු අහස
රළු බොරුළු
පොළවට
වැටෙන වැහිබිදු
ගෙනෙන සිසිලස
වැස්සකින් පසුව
වහිනතුරු
වැස්සක්
ඉන්නවා බිම්මලක්
නොපිපී
දැන්වත් වහින්න

-සුනෙත් වෙඩිවර්ධන-

ට්‍රැෆික් එකේ ප්‍රේමය

රතුඑලිය මුණගැසුව
කහපාට ඇස්දෙක
කොළපාට වැටෙන තුරු
නුඹ ගාව මගෙ හිත

වැටෙන විට ඇසි පිය
දිලිසෙනවා දත් පෙල
ඉඟිමරණ ඇස්දෙක
ලියාගෙන හදවත

තෙලිතුඩින් ලියවුන
ඉලක්කම් පේලිය
කවුළුවෙන් එලියට
පියාඹුව හැටියක

ඇස්වලට පෙනෙන දුර
කොලේකට ගිය නොහැක
කොල එලිය වැටුනු පසු
බස් රියත් යා යුතුය

මහපාර කියවනවා
මගෙ ගණන් පාඩම
ශිෂ්‍යාව දිව ආව‍ෙ
එය ඉගෙන ගන්නට

කොළ පාට වෙන් කෙරුව
කහපාට ඇස්දෙක
රතුපාට තාම ඇයි
දුරකථන ඇමතුම

ඉදිරි ආ බස්රිය
ඇති කරපු ශබ්දයද
තවම එක ඇමතුමක්
නොදෙන්නට හේතුව

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, June 25, 2015

හීනයක සැනසුම

මං දකින හීන
මට උරුම සතුට
දෙව්ලොවක සුවය
ගෙනෙයි සුබ සිහින

හිත දවන සජීවී ලොකය
ගෙනෙයි හැමවිටම හදවතට ශෝකය
එයින් මා මුදන මටම හිමි ‍ලෝකය
පරම සුව කැන්දන මගෙ හීන ලෝකය

කිසිවෙකුට හිත් වුවත්
මොහොතකට ඇහැරන්න
එපා හීනකින්වත් හීනයෙන් මා ඇහැරන්න
දකින හීනයෙම ගුලිවෙන්න
මොහොතකට මට ඉඩ දෙන්න
මට ඕන හීනයෙන් හීනයට පැනයන්න

නෙත් කොනින් ගිලිහෙච්ච
කදුළු වල ලුණු රහට
හුරුවෙච්ච තොල් වලට
මොහොතක් සිනා සෙන්න
ඉඩ දෙන්න
දකින හීනයෙම ගුලි වෙන්න

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, June 23, 2015

උඹ මම සහ මගේ හිත මගේ හිත නම් අයිති බොට උඹේ හිත මට අයිති නැත

උඹ මගේ ඇස් දෙක ලියාගෙන
දීපන් මෙහෙට මට
මට අයිති ඇස් දෙක
බලන හැම පැත්තෙම
උඹ ඉන්නේ කොහොමද

හිටපන් ඔහොම එක තැනක  චුට්ටක්
දහඅතේ දුවන්නේ ඇයි ඔහොම බන්
උඹ මාළු දැල වුනත්
මං කොහොම රුඳෙන්නේ
බොට
එක හිතක් නැතිනම්

පොඩ්ඩක් නිකම් හිතපං
වැඩි නැද්ද උඹ දාන මායම්
රැක්ක සිල් මං බිදෙන තරමක්
අරගත්ත හිත දීල පලයං

උඹ මම සහ මගේ හිත
මගේ හිත නම් අයිති බොට
උඹේ හිතමට අයිති නැත
උඹට හිමි වියතු උනත් මගෙ හිත
උඹට දෙන්ට හිත දෙන්නෙ නැත

 -සුනෙත් වෙඩිවර්ධන-



Monday, June 15, 2015

නොලද ප්‍රේමය

හිරු සඳ නොමැති ලොවක් තුල
ජීවිතය හිර වෙච්ච
සේයාව මත නැගුණු
මතකයේ හසරැල්ල
ජීවිතයේ තනිවෙන්න
හිමි නොමැති ඹබේ හදට
පෙම් බැන්ද වරද මම

කාලයෙන් මඟ ඇහිරු
නොතේරුම් කමක් තුළ
සීතලට පිටවෙච්ච
මුහුදු රළ මෙන් නැගුණු
ආදරයෙ කදුලැල්ල
විශ්වයේ තනිවෙන්න
නුඹට හිමි මගෙ හදට
පෙම් නොකළ වරද නුඹ

-සුනෙත් වෙඩිවර්ධන-


නියගලා ප්‍රේමය

අතර මඟ නැවතිලා
කතර මැද තනිවෙලා
වැඩෙන හරි හැඩවෙලා
මලකි නුඹ නියඟලා

දිගැටි මල් පෙති තලා
බඹරු රොන් ගෙන නොයා
තඹර පෙති තටු සලා
නුඹ ලඟින් පැන ගියා

අඹර පැහැසර අරා
මලක් වී නුඹ වරා
එනු වලා පට ඉරා
මගේ හදවත කරා

නුඹේ අල මුල් නොකා
ඉදිරි ජීවිතෙ තකා
කටු ඉඹුල් වික විකා
දමමි ආදරෙ මකා

 -සුනෙත් වෙඩිවර්ධන-

Sunday, June 14, 2015

රාත්‍රිය

කළුවර ඉකිබිදින
තරු නැති අහස යට
රැහියියන් නගන හඩ
ගීතයකි සවනට

කණමැදිරි එලියට
ලස්සනයි නෙතඟට
හඳ වසා ගත් වළා
අදුරු කළ ලොකය

පින්නෙ ගෑවී එන
සීතල සුළගකට
කවි කියන සුනඛ රැල
මකාලයි පාළුව

විඩාබර දෙනෙතට
නිදිසුවය පැමිනෙන
තුරා සුව කැන්දන
සෙනෙහෙබර රාත්‍රිය

 -සුනෙත් වෙඩිවර්ධන -

Wednesday, June 10, 2015

ඩුබායි රොස

කර්කශ අව්වට
රත්වූ පොළවේ
මූත්‍රා සැරට
ගානට වැඩුනු
ඩුබායි රෝස

රොන් රස දන්න
මත් වන බඹරු
ඇනවුම් දෙන්න
මල් කඩ පෙළයි

ඩුබායි රෝස
නෙත් කළුයි
අතිනත ගියද
පුදසුන් මතට
කිසිදා නොයයි

-සුනෙත් වඩෙිවර්ධන-

Tuesday, June 9, 2015

බස් එකේ හුඹස් කට

බස් එකේ හුඹස්
කටක් දොඩවන බස්
කොන්දා කියවන දෙබස්
එකට ඉදිරියෙ හබක්

සකස්කඩ කියවු
බවක් පෙන්වන උවන්
වක්කඩේ හෙලපු
අනේ මෙහෙමත් කටක්

සැලෙද්දී තොල් පෙති
විසිවෙනවා කොළඹ පොල්පිති
උපන්තේකට කොළඹ දැක නැති
උන්ට නම් උබ කොළඹ එකියෙකි

තැනක මකුණක්ට ඉඩ නැති
බැරල් එකකට කොහොම ඉඩ ඇති
එහෙව් බසයට ඇතුල් වී ඇති
ඇන්ටි උබ නම් කිරළ ඇබයකි

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, June 6, 2015

ඉස්සර කෑලි

හිමිදිරි උදෑසන
කොටුව පේමන්ට එකමත
දුටුව ඉස්සර කෑලි දෙක
තාමත් හැඩයි දැක්කම

ගාගත් රතුපාට තොල්වල
මූනෙන් සුදු පාට බේරෙන
බාගෙට ඇග පේන ඇදුමට
තාමත් වශීවෙයි නෙත් යුග

පළවෙනි කිරන හිරු දෙන
නළලත වැටී බැබෙලෙන
හැටි දැක වශී වී එන
ගනු දෙනු කාරයෝ ගොඩ

ඉපදුනානම් ඉස්සර
ගන්නවා මම දෙකම බිත්තර
මම ඉපදෙන්න ඉස්සර
ඉපදුනේ ඇයි මේ කෑලි ඉස්සර

නොගියානම් බස් එක
තාමත් එතන ඇස් දෙක
යළිත් උදයක කොටුවට
එනවා ඉස්සර කෑලි දක්නට

-සුනෙත් වෙඩිවර්ධන-

Wednesday, May 27, 2015

මොණරු දඩයම

මොණරු දඩයම
කටුකය
අමිහිරිය
දඩයමෙන් පසු
මිහිරිය
මහන්සිද නැත
සමහරු මොණරු ගාල්කරයි
සමහරු ඔහේ අත හරයි
මොණරු ගාල් කරණ තැන්
අහ ඒවා මරු
අපේ මොණරු ගාල් කරලා
පැටව් ගස්සලම දෙනවා
දවසක මම
මිට වඩා හොදට දඩයමේ යනවා
අන්න එදාට
මම
පිල් අත ගගා ඉන්නෙත් නෑ
ඔහේ අත අරින්නෙත් නෑ
පැටව් ගස්සනවා
මගේ ගාලේම
-සුනෙත් වෙඩිවර්ධන-

අහින්සක සතා


සය පාදයකි
ඒරියල් දෙකකි
පිටේ තටු දෙකකි
පියාඹන සතෙකි

වන්දෙක් වගේ හිස
දුබුරුයි උගේ ඇග
සිනහා නැගෙයි මට
ගෑනුන් බයයි මුට

පියාඹනවට වඩා
ඇවිදිනවා ගේ වටා
අම්මාට හෙනහුරා
හැබැයි මගෙ හිතවතා


ගෑනුන්ට ඉරිසියයි
මේකා හරි ලස්සනයි
ඇති කරන්නට හිතයි
හිතනවට වඩා
මූ මාර අවිහින්සකයි

-සුනෙත් වෙඩිවර්ධන -

Friday, May 8, 2015

නිරිදු

තෙද බෙලෙන් රුපු දුන්
ඔද වැඩුනු මහසෙන්
සමග සටනෙහි උන්
මහ නිරිඳු මම වෙම්

රුහිරයෙන් ලියවුනු
ඉරණමක අයිති ඇති
නිරින්දට මල් පිරුණු
පුදසුනක් අයිති නැති

එහෙව් මට අයිති නැති
පුදසුනක මල් පෙති
පිසලන්න වෙහසෛන්නේ
ඇයිද මගේ අග මෙහසෙි

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, May 5, 2015

අනේ අද සද නෑනෙ පායලා

එක් දිනක් නිදි මරා
හදා ගත් සිත මරා
පෑයූ ඒ සද පුරා
අදත් පායන තුරා

හිදිමි මම මග බලා
ෆේස් බුකියට වෙලා
වෙසක් දැන් පහු වෙලා
අනේ අද සද නෑනෙ පායලා

Sunday, May 3, 2015

ස්වේත පුෂ්ප

ස්වේත පුෂ්පස්වේත පුෂ්ප
ස්වර්ගයේ දොරටුවෙන්
දෙවිවරුන් බිම හෙලන
ස්වෙත පුෂ්ප
මිහිකත දෙවගනට හිමි
ආසනය වට කරන්
එකම එක එක මලක්
දිව්‍යාංගනාවගේ
ආසනය හිමි කරන්
ස්වේත පුෂ්ප
බිම
තවම පර නොවී ඇත
-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, May 2, 2015

වෙඩ්ඩගේ ඉසව්ව

පඩ්ඩෝ පඩි කම් කරද්දී
පොඩ්ඩො පොඩි වැඩ කරාවී
ගඩ්ඩො හයියෙන් බුරද්දී
වෙඩ්ඩො නිහඩව සිටී වී

සුද්දා කඩුවෙන් කපනවා
හෙලයා හෙළුවෙන් වනනවා
ගොයියා කමතෙන් හෙලනවා
වෙඩ්ඩා හෙළුවම ඇඩෙනවා

කවියන්ට නැහැ නිනව්ව
සයිබරේ ගොඩ නැගෙව්ව
සද්ද නැතිවම හදව්ව
මේක වෙඩ්ඩගෙ ඉසව්ව

-සුනෙත් වෙඩිවර්ධන-



කුණාටුව කෝ කොහිද ?

රඹ වූ අහස් කුස
පියාඹන වැහිළිහිණි
වැසි උවැස්සෙන් සිටී

ක්ෂිතිජයේ හිරු ගිලී
ගිය පසුව අදුරු වන
වළාකුළු මිසෙක
වෙනත් කළු වළාකුළු
උන්ව පිළිගන්නෙ නැත

ගිම්හානෙ කොන
වසත්තය අග 
සිසිරයේ ඉම
හේමන්තයද අවසන

දිනසකර ඉතුරු කළ
අවසාන කිරණ මත
නැගී මග බලාගෙන

හීදී වැහිළිහිණියන්
අපේක්ෂා භංගව

දිනෙක සාගර පතුල
කලම්බා නැගී එන
මහා සුලි කුණාටුව
තෙමාවී 

දිනසකර පිලිස්සුව
වැහිළිහිණි පියාපත්

-සුනෙත් වෙඩිවර්ධන-







Friday, May 1, 2015

රතු මල්

රතු මල් පොකුරු
වැටුනු කොළඹ පාරවල්
සුද්ද වන අතර
පිට්ටනි පුරා
රතු මල් පොකුරු
උදේ පිපිලා
රෑට පරවෙයි
රතු මල් ‍
පිපෙයි පසුවට
මැයි මල්
-සුනෙත් වෙඩිවර්ධන-

Friday, April 24, 2015

ඇගේ ලී ගේට්ටුව

අපොයි ඇගේ ලී ගේට්ටුව
වැනෙයි දැන් හතර අත
වියපත් ඇගේ ඇස් දෙක

බලා හිදී ගේට්ටුව ලඟ

අත ලඟට වැඩකාරයෝ නැත
හිත් අගට සැනසිල්ල නැත
නමුදු ඇගේ ඒ දෑස් මත
බලාපොරොත්තුවෙ ගිනි දැල්ල ඇත

බොලොක් ගලෙන් වැටෙන වැලි කැට
වහලයෙන් වැටෙන පිනි කැට
තවම පන ඇත කොදු ඇට
ඇයට ඒ ගානක් නැත

හෙට දින යලිත් හිරු දැක
හිරුටත් කලින් ඔහු දැක
මැරුනත් ඈට කම් නැත
තවම ඈ ගේට්ටුව ලඟ
-සුනෙත් වෙඩිවර්ධන-

සුලඟට කියන කවි

සුලඟට කියන කවි
ගසාගෙන යයි
ඔහෙ පාවි
පියුම්
අනන්තයක ගෑවී
සියුම් ඒ කවි අසන මලකි
නෑසුනා සේ ඉදින මලකි
සමහරෙක් නම් ආස කරති
සමහරෙක් පිළිකුලෙන් මනිති
ඒ නමුත්
ලිපිනයකි
එකම එක
සුලඟෙ ගසා යන
කවි වලට වුන නවාතැන
අනේ ඒ මල අයිති
මහ වත්ත පිරි ඇත
සුලඟට කියන කවි
ඒත්
උඹ
කවි අසන්නේ නැති මලකි
මං
ගි කියන්නට අසමෙතෙකි....
සුලඟට කියන කවි......
ගසාගෙන යාවි
වත්තේම වෙන මලක්
එකී කවි අසාවි
සුලඟට කියන කවි
වලට පෙර හිමි
ලිපිනය වෙනස් වේවි......
-සුනෙත් වෙඩිවර්ධන-

කවි කම

සරු බිමක විසි කල
අතිරික්ත පැන්කද
අවැසි වෙයි හිදින කල
නිසරු බිම පවසව
හිතලුවකි මිරිඟුව
භාස්කර ඇතිකල
උරුමයකි කවි කම
ඟගකි දෙන සිසිලස

-සුනෙත් වෙඩිවර්ධන-