Thursday, June 25, 2015

හීනයක සැනසුම

මං දකින හීන
මට උරුම සතුට
දෙව්ලොවක සුවය
ගෙනෙයි සුබ සිහින

හිත දවන සජීවී ලොකය
ගෙනෙයි හැමවිටම හදවතට ශෝකය
එයින් මා මුදන මටම හිමි ‍ලෝකය
පරම සුව කැන්දන මගෙ හීන ලෝකය

කිසිවෙකුට හිත් වුවත්
මොහොතකට ඇහැරන්න
එපා හීනකින්වත් හීනයෙන් මා ඇහැරන්න
දකින හීනයෙම ගුලිවෙන්න
මොහොතකට මට ඉඩ දෙන්න
මට ඕන හීනයෙන් හීනයට පැනයන්න

නෙත් කොනින් ගිලිහෙච්ච
කදුළු වල ලුණු රහට
හුරුවෙච්ච තොල් වලට
මොහොතක් සිනා සෙන්න
ඉඩ දෙන්න
දකින හීනයෙම ගුලි වෙන්න

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment