Friday, April 24, 2015

ඇගේ ලී ගේට්ටුව

අපොයි ඇගේ ලී ගේට්ටුව
වැනෙයි දැන් හතර අත
වියපත් ඇගේ ඇස් දෙක

බලා හිදී ගේට්ටුව ලඟ

අත ලඟට වැඩකාරයෝ නැත
හිත් අගට සැනසිල්ල නැත
නමුදු ඇගේ ඒ දෑස් මත
බලාපොරොත්තුවෙ ගිනි දැල්ල ඇත

බොලොක් ගලෙන් වැටෙන වැලි කැට
වහලයෙන් වැටෙන පිනි කැට
තවම පන ඇත කොදු ඇට
ඇයට ඒ ගානක් නැත

හෙට දින යලිත් හිරු දැක
හිරුටත් කලින් ඔහු දැක
මැරුනත් ඈට කම් නැත
තවම ඈ ගේට්ටුව ලඟ
-සුනෙත් වෙඩිවර්ධන-

සුලඟට කියන කවි

සුලඟට කියන කවි
ගසාගෙන යයි
ඔහෙ පාවි
පියුම්
අනන්තයක ගෑවී
සියුම් ඒ කවි අසන මලකි
නෑසුනා සේ ඉදින මලකි
සමහරෙක් නම් ආස කරති
සමහරෙක් පිළිකුලෙන් මනිති
ඒ නමුත්
ලිපිනයකි
එකම එක
සුලඟෙ ගසා යන
කවි වලට වුන නවාතැන
අනේ ඒ මල අයිති
මහ වත්ත පිරි ඇත
සුලඟට කියන කවි
ඒත්
උඹ
කවි අසන්නේ නැති මලකි
මං
ගි කියන්නට අසමෙතෙකි....
සුලඟට කියන කවි......
ගසාගෙන යාවි
වත්තේම වෙන මලක්
එකී කවි අසාවි
සුලඟට කියන කවි
වලට පෙර හිමි
ලිපිනය වෙනස් වේවි......
-සුනෙත් වෙඩිවර්ධන-

කවි කම

සරු බිමක විසි කල
අතිරික්ත පැන්කද
අවැසි වෙයි හිදින කල
නිසරු බිම පවසව
හිතලුවකි මිරිඟුව
භාස්කර ඇතිකල
උරුමයකි කවි කම
ඟගකි දෙන සිසිලස

-සුනෙත් වෙඩිවර්ධන-