Thursday, November 16, 2017

රාලහාමි ඇයි අැහුවෙ උන්ගෙන් එහෙම ? "තොපිට මාංචු බර වැඩිද බල්ලෝ"

දැක්කහම ඒ කපුටු කොන්ඩ
කියතැහැකි තක්කෙටම
උන් ෆ්ලැට් එකේ අහිංසක කොල්ලෝ.
ඒත්!
රාලහාමි ඇයි අැහුවෙ උන්ගෙන් එහෙම ?

"තොපිට මාංචු බර වැඩිද බල්ලෝ"

“ප්‍රශ්ණ“
අහනවා උන්ගෙන් තල තලා ප්‍රශ්ණ

“උත්තර“
උන් දෙනෙවා උත්තර
ඇත්තටම ඒ උත්තර
උත්තර නැති ප්‍රශ්ණ

උගේ වයස දා අටයි
කිලිටුයි තලෙලුයි ඌ කෙට්ටුයි
ඉගෙන ගෙන යන්තං ඕලෙවල් වෙනකම්
රස්සාව ගාගන්න එක මජං
පොලීසියෙන් අල්ලං
අනවසරයෙන් හදේ යන්නට
හැදුවාට රොකට්.

තාත්තට අමතක වෙලා
උප්පැන්නේ උගේ තැන හිස් වෙලා.
ඌත් දන්නැතුව උගේ පුතා ලොකු වෙලා.
යන්තමින් අම්මගෙන් වරිගයක් හම්බෙලා
ඒ වරිගේ නහගන්න සූස්තිය හුරු වෙලා.

උඹේ උස කීයද ?

“දන්නෙ නෑ හයකටත් වැඩි ඇති“

උපන්තේකට මූ උස මැනලා නැති හැටී.

අනෙකා උස කෙට්ටු කොල්ලෙකි
උසස් පෙල කලාවෙන් විභාගත් ලිව්වෙකි
ඉගෙන ගත් කිසිවක් ඌට නම් මතක නැති
විභාගෙත් මොක වුනත් ගානකුත් ඌට නැති

සන්දේස කියද?
ගොඩක් තියෙනවා
යකෝ තොපිට ඉගැන්නුවේ මොන සන්දේසෙද?
සේරම ඉගැන්නුවා.
කියාපන් කවියක්
ඌ හිනා වෙනවා.

උන් හිනා වෙවි සතුටින්ම කූඩුවට යනවා.
දඩගෙවලා ආයෙමත් එලියට එනවා
උන් හදේ යනවා. ආයෙමත් එනවා
ඉදලා හිටලා පොලිසියේ කූඩුවටත් යනවා.

විකුණන එවුන් එලියේ.
ගන්න එවුන් කූඩුවේ

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, November 6, 2017

අපේ අම්මට ගේන් නෑ මන් ලේලියක්

අතේ ඇති එක රුපියලක් නෑ අනේ මෙහෙමත්       කාලයක්
මතේ තිබ්බට නින්ද යන්නෑ දන්නේ නෑ මම         කල පවක්
නැතේ කිසිවෙක් නීති දාලා එහෙව් කොට          නෑ භීතියක්
හිතේ හැටියට සැපේ ඉන්නේ ජීවිතේ සැප            කෝටියක්

පුතේ දැන් උඹෙ වයස හරි බන් ගෙනෙන් අම්මට ලේලියක්
ආච්චිට නම් වෙන වැඩක් නෑ හිතන්නෙම ගැන         ලේලියක්
අපේ අයියත් බැන්දා විතරයි එක්ක ආවේ ඔය ලේලියක්
එකෙක් මදිවට ඕනෙමද බොල ආච්චිට තව ලේලියක්

ආච්චට නම් වෙන මුකුත් නෑ ආගමේ නම් කමක් නෑ
පුංචිලට නම් මොකෙක් වූවත් ගෑනියෙක් නම් කමක් නෑ
නංගිලට මගුලෙදි නටන්නට මිසක් වෙන        අදහසක් නෑ
අපේ අම්මට ගැලපෙන්න මට තෝර ගන්නට  කෙනෙක් නෑ

එක්ක ආවොත් එහෙම කියලා අපේ අම්මට ලේලියක්
දෙන්නා එක්කලා එකතු වෙනවා නැති වෙනවා මට     නිදහසක්
අනිවා දෙන්නම රණ්ඩු වෙනවා මන් හින්දා නිතරම         හුඟක්
ඒක හින්දම  අපේ අම්මට ගේන් නෑ  මන් ලේලියක්

අයියා කියනවා ගොළු එකෙක් මිස මූට ගැලපෙන          එකෙක් නෑ
බීරි කෙල්ලෙක් බීරි කෙල්ලෙක් තාත් තත්  අත්                අරින් නෑ
එහෙම බැලුවම මේ ලෝකේ මට කියලා ගැලපෙන      කෙනෙක් නෑ
එහෙම වුනොතින් දෙකක් නෑ මම කවුරු කිව්වත්               බඳින් නෑ

තාම නෑ නොවැ එහෙම හරියට හිතගත්තේ මගේ                 තරුණියක්
හිත ගිහින් මන් අහපු එවුනුත් කාගේ හරි අග                      මෙහෙසියක්
කලා තුරකින් කැමති වුනොතින් ඒකිගෙත්  අඩු                        පාඩුවක්
මටම ගැලපෙන කැපෙන කෙල්ලෙක් හොයන එක මහ         කරුමයක්

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, November 5, 2017

මගේ සිහින තොටුපලට එන්න

එන්න සේරෝම එන්න
මගේ සිහින තොටුපලට එන්න
සිහින ඔරුවක නැගලා සිහිනයෙන් සිහිනයට යන්න
දැන් විකුණනවා මගේ සිහින
එන්න අරගන්න
මං බලපු මං දැකපු මගෙ සිහින

බය හිතෙන
දුක හිතෙන
සතුට ඉතිරිලා යන
බලාපොරොත්තු පිරිච්ච
කැඩිච්ච ගෙවිච්ච පිච්චිච මගේ සිහින

පොඩිකාලේ මන් දැකපු
මන් වැඩියෙන්ම බයවෙච්ච හීනේ
බස් එකට නගිද්දි අම්මා මග හැරුනු සිහිනේ
අරගන්න කවරු හරි පොඩි එකෙක්ට දෙන්න
මං වගේ බයවෙන්න

සුපිරි ජයමල්ල දිනපු
රජ වෙච්ච සිහිනය
ගෙනියන්න ඒකත්
තඹයක් අතේ නැතිවෙච්ච දිනයක
කල්පනා කරන අතරතුර
නින්ද ගිය එක තත්පරේකදි නරඹන්න
මං වගේ සිහිනයෙන් රජවෙන්න

සිහිනෙන් මං පදින කාර් එක
මගෙ සිහින මාලිගේ
ඇයි මගේ ප්ලෙන් එක.
මගේ මුළු සිහින පාරාදීසයම ගෙනියන්න

සේරෝම අරගන්න
එකම එක සිහිනයක් පමනක්
ඉතිරිකර යන්න
මන් දකින්න ආසම හීනය
පෙට්ටියක අගුලු ලා ඇති
එපා අල්ලන්න කවුරුවත්
ඒක විතරක් තියා යන්න
මගෙ රෑ කුමාරි සිහිනය

ඉතින් සේරෝම එන්න
මගෙ සිහින තොටුපලට එන්න
සිහින ඔරුවක නැගලා සිහිනයෙන් සිහිනයට යන්න
කැමති සිහිනයක් තෝරලා අරගන්න
කිසිවෙකුට දෙන්න
නැත්තං නින්දේදි නරඹන්න

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, November 2, 2017

-සිගරට් බිම-


-කියවනවනම් වෙලා අරන් කියවන්න නැත්තං කියවන්නැතුව ඉන්න -

සිගරට් එක

ඒක තමයි සිගරට් බොන එකාගේ ආතල් එක

ඒ ආතල් එක ගැන නොබොන එවුන් කොච්චර බණ කතා කිව්වත් ඒක උන්ට තේරෙන්නේ නෑ.

හැබැයි උන් ප්‍රශ්ණ කරනවා මොනවද සිගරට් බිලා ලැබෙන්නේ ? . නිකන් සල්ලි පුච්චන්න එපා !. විශ උරනවා නේද ? එක එක ජාතියේ වෙනස් වෙනස් ආවේනික ප්‍රශ්න ආවේනික කියුම් හරියට ඔය සල්ලි එකතුකරලා අරක ගන්න තිබ්බා මේක ගන්න තිබ්බා වගේ කියුම්.

කියන්න ගියොත් දාහකුත් දේවල් .

මන් කියන භාෂාවෙන්ම ලියන්නම් .

ඇත්තටම ඇයි මිනිහෙක් සිගරට් බොන්නේ ?

සරල උත්තරය තමයි කලින්ම කිව්වේ .

ඒක තමයි සිගරට් බොන එකා ආතල් ගන්න විදිහ .

ඒකා ඒ සිගරට් එක බොන වෙලාවේ උපරිම නිදහසක් විඳිනවා.

සිගරට් බොන්න පටන් ගන්න විවිධ හේතු තියෙනවා.

මීට දශක කිහිපයකට කලින්නම් සිගරට් බොනවා කියන්නේ ආයේ හෙන ලොකු දෙයක් .ඉතින් දැන් ඉන්න ගොඩක් එවුන් ඒක අමතක කරලා. අළුත් එවුන් ? උන් එක දන්නෙත් නෑ ! උන් දන්නේ සිගරට් බොන එක හරි නෑ කියන එක.

ඉතින් දැන් පුරුදු වෙන එවුන් බොන්නේ හැංගිලා හැබැයි ඉස්සර සිගරට් බ්ව්වේ ලොකුකමට එලිපිට ඕකයි වෙනස. පොඩි එවුන් නම් ඒකාලේ කොහොමත් බිව්වේ හැංගිලා . හැබැයි දැන් නම් උනුත් එලිපිට ගහනවා වයස හරි නම්.

 ඉතින් අර ලොකු කම ගන්න ගොඩදෙනෙක් සිගරට් බොන්න පටන් ගත්තාකොටින්ම සිගරට් බොනවා කිව්වම කෙල්ලො යාළු කරගන්න ලේසියි කියලා චිත්‍රපටවලින් පවා පණිවිඩ දීලා තියෙනවා.

කොල්ලෙක් වුනාම සිගරට් එකක් බොන්න ඕනෙම කියල දෙයක් තිබ්බා ඒ දවස් වල.

ජෝන් ප්ලේයර් ඇඩ් එක යද්දි ආසාවෙන් බලන් හිටපු අය නෑ කිව්වොත් බොරු .

මේකතාවේ ඇත්ත නැත්ත ඒ අය දන්නවා බොරුනම් ඒකත් කියන්න . වෙනස් වෙන්න ඕනෙ නම් ඒකත් කියන්න.

දැන් ඉතින් එහෙම ඒ කාලේ සිගරට් බොන්න පුරුදු වෙච්ච අය ඒ කේ තියෙන ආතල් එක ඒ නිදහසට පුරුදු වෙච්ච අය කවුරු කොහොම කිව්වත් සිගරට් බිව්වම මෝඩ පාටයි කිව්වම සිගරට් බොන එක නවත්තයිද ?

මොකද සිගරට් බොන එකා තමයි දන්නේ ඒකේ තියෙන අමුතු ආතල් එක ඒකෙන් ලැබෙන අමුතු නිදහස.

හරි දැන් කියමුකෝ මේ කාලෙත් සිගරට් එකේ ඇත්ත තත්වේ පෙන්නලා සේරම කරලත් ඇඩ් දාලා සිගරට් බීම පිලිකා ඇතිකරයි කියලා පැකට්වල එක එක රූප දාලා තිබ්බත් සිගරට් බොන්න කොල්ලෝ පටන් ගන්නවනේ ඒකටත් හේතු තියෙනවා

එක්කෝ උන්ගේ තාත්තලා අර කාලේ සිගරට් බොන්න පටන් ගත්ත අය. ගෙදර උන්ට හොරෙන් සිගරට් එක තාත්තා බිව්වත් කොහෙන් හරි කොල්ලා දැකලා තියෙනවා නැත්තං දන්නවා බොනවා කියලා . ඌ ඕක තාත්තට කොච්චර බයිලා කිය කිය හිටියත් ඇත්තට මොකක්ද ඔච්චර තාත්තා මේකෙන් කරන්නේ කියලා බලන්න කියලා ගහන්න ගනනවා .

හැමෝම නෙමේ එහෙම නොකරන අයත් ඉන්නවා සියයට ගනන් කියන්න දන්නේ නෑ බොහොම පොඩි ප්‍රමාණයක් .

අද ඉන්න කොල්ලෝ දහයක් ගත්තොත් හත්දෙනෙක් ම සිගරට් බොන එක බොනවාමයි නැත්තං හයදෙනෙක් හරි බොනවා නෑ කියලා ඔප්පු කරන්න කාටවත් බෑ ඒක තමයි ඇත්ත .

ඒ බොන එකත් එක එක විදිහට සීමා වෙනවා. බිව්වට පස්සේ . කෑවට පස්සේ එකක් ගහන . අර කිව්ව ආතල් නිදහසට එකක් ගහන . කොයි එකටත් සිගරට් ගහන වෙලාව යවාගන්න සිගරට් ගහන ඔය වගේ .
දැන් අර කිව්ව විදිහට තාත්තා විතරක් නෙමේ නිකන් දකින ඕනම පුද්ගලයෙක් නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ කිව්ව එක ඇතුලේ හැම දේම තියෙනවා .

යාළුවන්ගෙ ඉදන් නෑයෝ වෙන ,නෑයෝ නොවෙන ඒ කියන්නේ දකින ඕනම පුද්ගලයෙක් සිගරට් එකක් බොනවා දකින එක නිසා උත්සහ කරලා බලන්න පුළුවන්.

කොටින්ම අද කාලේ සිගරට් බොන්න පටන් ගන්නෙම ආතල් එකට ඒ කියන්නේ නිකන්ම ආතල් එකට ඕක බිව්වම තියෙන ආතල් එක නොදැන වෙන ආතල් එකකට තමයි පටන් ගන්නේ බිව්වට පස්සේ  එනවා දැන් සිගරට් එකක් බිව්වොත් හොදයි කියන සිතුවිල්ල ඒ සිතුවිල්ල ගැන පස්සේ කියන්නම් අන්න ඒ නිසා දිගටම බොන්න පටන් ගන්නවා.

සමහරු ඔකේ ආතල් එක දන්නෙත් නෑ සිගරට් බොන්න ඕනේ කියන සිතුවිල්ලට බොනවා.ඒ  කියන්නේ බොන එක ආතල් එකට ගන්නවා හැංගි හැංගි සිගරට් එකක් බොන එක ආතල් කියලා.
සමහරු සා මරු කටින් දුන් යනව කියලා බොන්න ගන්නවා. සමහරු බෝල යවන්න ට්‍රයි කරලා පටන් ගන්නවා.

මේකෙන් වැඩියෙන්ම බොන්න පටන්ගන්නේ කොළු කමට ආතල් එකට. සිගරට් බ්ව්වම ආතල් කියලා නොදැන උන් ගන්නේ පොඩි ආතල් එකක් .

අනිත් එක ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක ඕක බිව්වම සහනයි කියලා පටන් ගන්න අය ඉන්නවා නැත්තං කවුරුහරි යෝජනා කරලා වෙන්නත් පුළුවන්'

සමාජයේ තියෙන දෙයක් තමයි ප්‍රශ්න නිසා සිගරට් බොන්න පටන් ගන්නවා කියලා ඕව් ඒක ඇත්ත එහෙමත් වෙනවා හැබැයි ඒකේ තියෙන්නෙත් අර ආතල් එක.

තව දෙයක් සිගරට් බොනවනම් ටකස් ගාලා යාළුවො සෙට්වෙනවා. සිගරට් බොන හැම එකාම යාළුවෝ වචනයක් හරි කතා කරනවා. කොටින්ම සමහර යාළුකම් පටන්ගන්නෙ සිගරට් එක බොන්න ගින්දර ඉල්ලන්න ආමන්ත්‍රණයට ඉස්සරට දාලා කියන වචන ටිකත් එක්ක කියන ගින්දර කියන අකුරු හතෙරෙන්.

 ඒ සමහර ඒවා මැරෙනකම් ම තියෙනවා. සිගරට් එක නිසා හිතන්නෙවත් නැති පුද්ගලයොත් මිතුරු වෙනවා. ලොකු ලොකු අය පවා . මාර අවස්ථා පවා හිමිවෙනවා. සමහරුන්ට රස්සා පවා හම්බෙලා ඇති . හොය හොය හිටපු දේවල් .ඇයි සිගරට් බොන කොට කතා කරන දේවල් . ඒ පොඩි වෙලාවේ මාර දැනුමකුත් ලැබෙනවා ඒ අයට.

ආ දැන් මට ප්‍රශ්නයක් මන් සිගරට් එකක් බෙනවා කියලා සිගරට් එකක් බොන වෙලාවට හිතේ වැඩ කරන්නේ කටින් දුන් යනවා, දුන් ගියාට පස්සේ සිගරට් එක උරන්න ඕනේ ,ආයේ දුන් ගන්න ඕනේ ,ආයේ පිට කරන්න ඕනේ ඔය වගේ සිගරට් එක සම්බන්ධ සිතුවිලි විතරයි .

ඉතින් ඒක නිදහසක් නෙමේද ?

ඒ මොකක් හරි තියෙන ප්‍රශ්නෙන් ඒ සිගරට් එක අළු වෙලා විසි කරනකම් නිදහස් ඊට පස්සේ ආයේ ප්‍රශ්නේ තමයි හැබැයි ඒ ප්‍රශ්නේ ගැන හිතන්න ගන්නේ ආයෙත් හිතන්න ගන්නවා කියන කෑල්ලත් එක්ක .අළුතින් නෙමේ ආයෙත් හිතන්න ගන්නවා. නවත්තලා පටන් ගන්නවා වගේ දෙයක්.

සිගරට් බොනවනම් ඌ එකපාරක් හරි ගංජා බීලා බලන්න පුළුවන් සම්භාවීතාව සීයයට අනූවක්ම තියෙනවා.
ගහනවම තමයි ඒ සම්භාවිතාව එහෙමමයි. ට්‍රයිකරන්න පාරක් හරි ගහනවම තමයි.

ඇත්තටම මොකක්ද සිගරට් එකේ තියෙන ආතල් එක .

ඇයි සිගරට් බොන්නේ . ඒකට හේතුව දන්නේ සිගරට් බොන්න පුරුදු වෙච්ච එකෙක් විතරමයි.

1 . අර කිව්ව ආතල් නිදහස ඒක මෙහෙම කියන්නම් සිගරට් බොන එකා උගේ නිදහස භූක්තිවිදින්න යොදාගන්න මාර්ගය කියලා මනසේ තියෙන්නේ සිගරට් එක ඒකට මූලික වෙන සිතුවිල්ල තමයි “දැන් සිගරට් එකක් බිව්වනම් හොඳයි “ කියන සිතුවිල්ල ඒ සිතුල්ල මනසට ආපු වෙලාවේ ඉදන් ඒක ක්‍රියාත්මක කරනකම්ම ඒක මනසේ තියෙනවා. ඊට පස්සේ පොඩි ෆ්‍රි එකක් ඕනේ කියන හැගීම එනකම් ඕන වැඩක් කරන්න පුළුවන්. දැන් සිගරට් එකක් බිව්වනම් හොදයි කියන්නේ පොඩි ෆ්‍රි එකක් තිබ්බනම් හොඳයි කියන එක.

2. කෑවට පස්සෙ බොන සිගරට් එකේ තියෙන්නේ අමුතු එකක්. ඒ සිගරට් එකෙන් අමුතුම හැගීමක් එනවා . බොන දුම් උගුරක් උගුරක් ගානේ ඒක දැනෙනවා ඉතින් මේ හැගීමට කැමති අය කෑවට පස්සේ සිගරට් එකක් බොනවම තමයි.

3- අරක්කු ටිකක් බිලා සිගරට් එකක් බිව්වම තමයි වදින්නේ . සිගරට් නැතුව අරක්කු බීලා වැඩක් නෑ වගේ . ඒ වගේම ෂොට් එකක පරතරය සිගරට් එක තීරණය කරනවා. ඔය ගංජා වලටත් එහෙමම තමයි පදම තීරණය කරන්නේ සිගරට් එක.

4 සතුටට . ප්‍රශ්ණවලට , දුකට , ඔය එක එක දේවල් වලට සිගරට් බොන්නෙත් ඉස්සෙල්ලා මුලින්ම කියපු නිදහස් කියන කරුණ නිසා.

5 . සිගරට් ඉතින් කඩවල තියෙන නිසා නිදහස හොයාගන්න ලේසියි ඕක හැම කඩේම නැති වුනානම් බොන එක අඩුවෙනවා

දැන් ඔය කරුණු තමයි සිගරට් බොන්න මූලික වෙන කරුණු සිගරට් බොන අය මේ කරුණු අනුමත කරාවි.අනි වාර්යයෙන්ම මොකද මේ තමයි ඇත්ත කරුණු. සිගරට් බොන එක නවත්තන්න කරන්න තියෙන්නේ
කියන්න ගියොත් හෑලි ගොඩක් තියෙනවා ඒනිසා දැන් මට කියන්න ඕනේ වුනේ මේකයි සිගරට් බොන එක නවත්වන්න ඕනෙ නම් ඔය සිගරට් එක බිව්වම තියෙන ආතල් එක නැතිවෙන්න ඕනේ නැත්තං ඒ ලබන නිදහස නැතිවෙන්න ඕනේ . කොටින්ම කිව්වොත් සිගරට් බිව්වම ආතල් කියන අදහසයි නැති කරන්න ඕනේ හිතින් .

මෙහෙමයි සිගරට් බොන්න පටන්ගත්ත එකෙක් ගෙ ඔළුවෙන් ඕක මොලේ අයින් කරත් අයින් කරන්න බෑ මොකද සිගරට් එක බිව්වම ලැබෙන්නේ අමුතු ආතල් එකක් ඒක දන්නේ බොන එකා විතරයි ඌට ඒක ආතල් . 
අන්න  එහෙම එකෙක්ට සිගරට් නවත්තන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ . ඇඩ් දාලා ගනන් වැඩිකරලා ඔවදන් දීලා සිගරට් බොන එක නවත්තවන්න කිසි කෙනෙක්ට බෑ.මොන ජගෙතෙක්ටවත් බෑ .
මන් වගේ සිගරට් බීලා ලෙඩ වුනොත් ඔන්න නවත්තන්න පුවවන් මොකද මොකා වුනත් ජීවිතේට ආදරෙයිනේ .ඌ නවත්වනවා.

ඒ කියන්නේ මොකක් හරි විපාකයක් වෙන්නම ඕනේ සිගරට් බොන එකෙක් සිගරට් නවත්වන්න . එහෙම නැත්තං ලංකාවේ සිගරට් තහනම් කරන්න ඕනේ . දැන් වෙනකොට සිගරට් වල ආනිසංස හැමතැනම කියන නිසා මේ වෙනකොට සිගරට් බොන්න අළුතින් පටන්ගන්න ප්‍රමාණය යම් තාක් අඩුවෙලා තියෙනවා. හැබැයි තාමත් අර කිව්ව විදිහට කොල්ලෝ දහයක් ගත්තොත් හත්දෙනෙක්වත් බොන එක බොනවම තමයි එහෙන් මෙහෙන් කෙල්ලොත් ඉන්නවා උන් හොරෙන් හරි උත්සහ කරනවා . කොච්චර බැන්නත් එලිපිට .

ඒ නිසා සිගරට් බොන එකාට ඔවදන් දීලා වැඩක් නෑ ඌ බොන එක බොනවම තමයි පුළුවන්නම් අළුතින් පටන් ගන්න පුළුවන් තැන් ටික නවත්තන්න උත්සහ කරමු මොකද දැන් බොන්න පටන් ගත්ත කාන්ඩෙන් පස්සේ ආයේ අළුතින් බොන්න පටන් ගන්න කාන්ඩෙ නිසා තමයි තව කාන්ඩයක් පටන් ගන්නේ ඉලෙක්ට්‍රික් සිගරට් එකක් හරි බොනවම තමයි හැම එකාම මොකද ඒක බිව්වම සෞඛ්‍යයට අහිත කරනෑනේ .

ඒ හින්දා සිගරට් බොන එවුන් බීපල්ලා තොපි තේරුම් ගන්නේ බීලා මොකක් හරි වුනාමම තමයි නැත්තං මොකා කොහොම කිව්වත් තේරෙන්නෙ නෑ.ඒකයි ඇත්ත හැබැයි තාම නොබීපු එවුන් මේකේ තියෙන ආතල් එක ගන්න උත්සහ කරන්න එපා ආතල් තමයි හැබැයි ඒ ආතල් එකට ඇබ්බහි වෙනවා . එහෙම කිව්වට වැඩක් නෑ උන් ට්‍රයි එකක් දෙනවම තමයි ඒ නිසා මූකූත් කියන්නෑ උඹලම දවසක තේරුම් ගනියි උඹලම සිගරට් බොයි උඹලම් දවසක නවත්තයි . උඹලම ආයේ පටන් ගයි . කෙලම වුනාම ආයේ නවත්තලම දායි වැල් බයිලා ඔවදන් දෙයි අනිත් එවුන්ට . එහෙම කිව්වම උන් නවත්තයිද නෑ උන්ටත් ඒටිකම උනාම උන් නවත්තයි.

මේ ලෝකෙන් සිගරට් කියන එක නැතිනොවුනොත් සිගරට් බොන එක නවතින්න්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා සිගරට් බොන හත්දෙනා තෝරන්න සිගරට් නැති කරමු. ඒක වෙයිද නෑනේ එහෙනම් හිත හදාගන්න සිස්සටම් එක බූට් වෙනවා පවර් ඔෆ් වෙන්නේ නැත්තං දිගටම කෝඩ් එක රන් වෙනවා සොෆ්ට්වෙයා එක රන් වෙනවනම්. සොෆ්ට් වෙයා එක නවත්තන්න නම් පවර් ඔෆ් කරලාත්  වැඩක් නෑ ආයේ ඔන් කලාම ආයේ රන් වෙනවා අන්ඉන්ස්ටොල් කරන්නම වෙනවා. ඒ කරලත් ඕව් කරන්න වොනවා ඒ කියන්නේ සිගරට් කියන දේ නැති කරන්නම වෙනවා. ඒ හින්දා ඒක නැති කරන්න  වැඩ කරන්න .

-සුනෙත් වෙඩිවර්ධන-