Monday, November 6, 2017

අපේ අම්මට ගේන් නෑ මන් ලේලියක්

අතේ ඇති එක රුපියලක් නෑ අනේ මෙහෙමත්       කාලයක්
මතේ තිබ්බට නින්ද යන්නෑ දන්නේ නෑ මම         කල පවක්
නැතේ කිසිවෙක් නීති දාලා එහෙව් කොට          නෑ භීතියක්
හිතේ හැටියට සැපේ ඉන්නේ ජීවිතේ සැප            කෝටියක්

පුතේ දැන් උඹෙ වයස හරි බන් ගෙනෙන් අම්මට ලේලියක්
ආච්චිට නම් වෙන වැඩක් නෑ හිතන්නෙම ගැන         ලේලියක්
අපේ අයියත් බැන්දා විතරයි එක්ක ආවේ ඔය ලේලියක්
එකෙක් මදිවට ඕනෙමද බොල ආච්චිට තව ලේලියක්

ආච්චට නම් වෙන මුකුත් නෑ ආගමේ නම් කමක් නෑ
පුංචිලට නම් මොකෙක් වූවත් ගෑනියෙක් නම් කමක් නෑ
නංගිලට මගුලෙදි නටන්නට මිසක් වෙන        අදහසක් නෑ
අපේ අම්මට ගැලපෙන්න මට තෝර ගන්නට  කෙනෙක් නෑ

එක්ක ආවොත් එහෙම කියලා අපේ අම්මට ලේලියක්
දෙන්නා එක්කලා එකතු වෙනවා නැති වෙනවා මට     නිදහසක්
අනිවා දෙන්නම රණ්ඩු වෙනවා මන් හින්දා නිතරම         හුඟක්
ඒක හින්දම  අපේ අම්මට ගේන් නෑ  මන් ලේලියක්

අයියා කියනවා ගොළු එකෙක් මිස මූට ගැලපෙන          එකෙක් නෑ
බීරි කෙල්ලෙක් බීරි කෙල්ලෙක් තාත් තත්  අත්                අරින් නෑ
එහෙම බැලුවම මේ ලෝකේ මට කියලා ගැලපෙන      කෙනෙක් නෑ
එහෙම වුනොතින් දෙකක් නෑ මම කවුරු කිව්වත්               බඳින් නෑ

තාම නෑ නොවැ එහෙම හරියට හිතගත්තේ මගේ                 තරුණියක්
හිත ගිහින් මන් අහපු එවුනුත් කාගේ හරි අග                      මෙහෙසියක්
කලා තුරකින් කැමති වුනොතින් ඒකිගෙත්  අඩු                        පාඩුවක්
මටම ගැලපෙන කැපෙන කෙල්ලෙක් හොයන එක මහ         කරුමයක්

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment