Friday, February 23, 2018

අම්මේ ..................


ක්ෂීරපථය පැන ගිය
ආදරය ගොනු වුන
කෙනෙකු ඇත්නම් ලොව
අන් කෙනෙක් නොව ඒ ඇය

කළ නොහැක මට සම
සාගරය නොව ඇය
අහස් කුස පැනගිය
විශ්වයයි ඇය මට

යකඩ සවි පරදන
හයිය ඇත ඇගෙ හිත තුළ
කයිය ගැහියැකි මට
මහා පර්වතයකි ඇය

සිව් මැනික් රකිනා
දෙවදුවකි දකිනා
දියමන්ති පරයා
ඇගේ රුව දිලෙනා

මා පළමු පෙම්වතී
පළමුවැනි ගුරුතුමී
මගේ ලොකය හිමී
ඈ රූප සුන්දරී

මේ මගේ මන්තරයක්
නැති අතුරු අන්තරයක්
ඉදින් තව කළාන්තරයක්
අම්මේ ..................
සුබ උපන් දිනයක්

සුනෙත් වෙඩිවර්ධන
2015-02-24

Friday, February 9, 2018

ඉතින් හෙටවත් ඉර පායන්න............

ඉර අවරේ බැස යද්දි
සද කෙමෙන් නැගඑනවා
සද කෙමෙන් නැග එද්දි
තරු පොකුරු හිනහෙනවා

හෙට පාන්දරවෙද්දි
ඉර කෙමින් පායනවා
තරු පොකුරු වැලපෙද්දි
සද අහසෙ හැංගෙනවා

ඉරේ එලියද සදේ එලියද
තරුවකට පැන ඉතිරි කරනවා
ඉරේ එලියට ආස හින්දා
සදේ එලියට වැටක් බදිනවා

පෝයකුත් ලඟ ලඟම එනවා
පුන් සඳක් හිමිහිට නැගෙනවා
ඉරක් දක්නට නැතිවුනෝතින්
සදේ එලියට හැඩ ගැහෙනවා

ඉතින් පෝයට කලින් දවසක්
ඉරට ලියලා දෙන්න හිතෙනවා
පෝය වෙනකන් නොපෑවූවෝතින්
සදට ජීවෙතේ ලියා දෙනවා.......

-සුනෙත් වෙඩිවර්ධන-