Monday, May 11, 2020

අම්මේ රිදුනාද හිත


අම්මේ රිදුනාද හිත
අම්මාවරුන්ගේ දිනයේ නුඹෙ නමට
ලිව්වේ නැහැ කවියක්

වැලි කැට තැන තැන විසිරුනූ
රතු සිමෙන්ති බිම
දිගාවී ඇණ තියන් සැටියට
සොයනවා දුටියෙමි
දහසකුත් දරුවන්
අම්මාට ලියු කවි අතර
තිබේදැයි නුඹ නමට නිසැදැසක් කවියක්
අම්මේ රිදුනාද හිත
අම්මාවරුන්ගේ දිනයේ නුඹ නමට
ලිව්වේ නැහැ කවියක්

හිතකවත් නොතිබුන
දෙයක් ගැන ඇසුනාම
කට කොනින්
“චික් හඩින් සිනාසී “
අතහරින නුඹ ගැන
ආටෝපයට ලියන කවියකින්
විග්‍රහ කරනු හැකිවේද මට

ඉතින් අම්මේ රිදුනාද හිත
“චික් හඩක් සිනහවක් “
කොමාවක්
තිතක්.

-සුනෙත් වෙඩිවර්ධන-