Sunday, January 21, 2018

ජනවාරි පුළිඟු



අද වගේ මතකයි
තණ පිඩලි මත 
පිණි පළිගු බබලන
ජනවාරි උදයක
සිරි සිරියෙ ඇඟ කීරි ගස්සන
කදුකර සිහිල් මද සුලඟට
ලෙල දුන්න කෙහෙරැලි
එළිකරපු මුහුණක 
නලලතට පහලින් 
මුණ ගැහුණා ඒ ඇස් දෙක

අද වගේ මතකයි
තුෂර හිනැහෙන මිහිදුමේ
කඳුලු කැට මැද වැළපෙන
සීතලේ ඇඟ රත්කල
හිම පාට සළු 
උදුරගත්තා 
ඒ ඇස් දෙක
දෙසැම්බර් සවසක

ජනවාරි පුලිඟු
දියවුනා
දෙසැම්බර් සීතලට

-සුනෙත් වෙඩිවර්ධන-