Thursday, November 16, 2017

රාලහාමි ඇයි අැහුවෙ උන්ගෙන් එහෙම ? "තොපිට මාංචු බර වැඩිද බල්ලෝ"

දැක්කහම ඒ කපුටු කොන්ඩ
කියතැහැකි තක්කෙටම
උන් ෆ්ලැට් එකේ අහිංසක කොල්ලෝ.
ඒත්!
රාලහාමි ඇයි අැහුවෙ උන්ගෙන් එහෙම ?

"තොපිට මාංචු බර වැඩිද බල්ලෝ"

“ප්‍රශ්ණ“
අහනවා උන්ගෙන් තල තලා ප්‍රශ්ණ

“උත්තර“
උන් දෙනෙවා උත්තර
ඇත්තටම ඒ උත්තර
උත්තර නැති ප්‍රශ්ණ

උගේ වයස දා අටයි
කිලිටුයි තලෙලුයි ඌ කෙට්ටුයි
ඉගෙන ගෙන යන්තං ඕලෙවල් වෙනකම්
රස්සාව ගාගන්න එක මජං
පොලීසියෙන් අල්ලං
අනවසරයෙන් හදේ යන්නට
හැදුවාට රොකට්.

තාත්තට අමතක වෙලා
උප්පැන්නේ උගේ තැන හිස් වෙලා.
ඌත් දන්නැතුව උගේ පුතා ලොකු වෙලා.
යන්තමින් අම්මගෙන් වරිගයක් හම්බෙලා
ඒ වරිගේ නහගන්න සූස්තිය හුරු වෙලා.

උඹේ උස කීයද ?

“දන්නෙ නෑ හයකටත් වැඩි ඇති“

උපන්තේකට මූ උස මැනලා නැති හැටී.

අනෙකා උස කෙට්ටු කොල්ලෙකි
උසස් පෙල කලාවෙන් විභාගත් ලිව්වෙකි
ඉගෙන ගත් කිසිවක් ඌට නම් මතක නැති
විභාගෙත් මොක වුනත් ගානකුත් ඌට නැති

සන්දේස කියද?
ගොඩක් තියෙනවා
යකෝ තොපිට ඉගැන්නුවේ මොන සන්දේසෙද?
සේරම ඉගැන්නුවා.
කියාපන් කවියක්
ඌ හිනා වෙනවා.

උන් හිනා වෙවි සතුටින්ම කූඩුවට යනවා.
දඩගෙවලා ආයෙමත් එලියට එනවා
උන් හදේ යනවා. ආයෙමත් එනවා
ඉදලා හිටලා පොලිසියේ කූඩුවටත් යනවා.

විකුණන එවුන් එලියේ.
ගන්න එවුන් කූඩුවේ

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment