Sunday, June 28, 2015

ට්‍රැෆික් එකේ ප්‍රේමය

රතුඑලිය මුණගැසුව
කහපාට ඇස්දෙක
කොළපාට වැටෙන තුරු
නුඹ ගාව මගෙ හිත

වැටෙන විට ඇසි පිය
දිලිසෙනවා දත් පෙල
ඉඟිමරණ ඇස්දෙක
ලියාගෙන හදවත

තෙලිතුඩින් ලියවුන
ඉලක්කම් පේලිය
කවුළුවෙන් එලියට
පියාඹුව හැටියක

ඇස්වලට පෙනෙන දුර
කොලේකට ගිය නොහැක
කොල එලිය වැටුනු පසු
බස් රියත් යා යුතුය

මහපාර කියවනවා
මගෙ ගණන් පාඩම
ශිෂ්‍යාව දිව ආව‍ෙ
එය ඉගෙන ගන්නට

කොළ පාට වෙන් කෙරුව
කහපාට ඇස්දෙක
රතුපාට තාම ඇයි
දුරකථන ඇමතුම

ඉදිරි ආ බස්රිය
ඇති කරපු ශබ්දයද
තවම එක ඇමතුමක්
නොදෙන්නට හේතුව

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment