Monday, September 28, 2015

රෑ මිලින වූ කඩුපුල් මල සේයා

ලක් දණ සුවෙන් සුව නින්දේ ඇති රෑක
ලක් දියණියක් හට රහසේ  සිදුවූ     දේක
ලක් දෙරණේ සිටියත් දෙවියන් නේක
උන් එකෙකුවත් නැහැනේ දැක්කේ මේක

පෙර පාසල් යන වයසේ සිටි සේයා
හැම විට මව්පියන් හට හුරතල් වේයා
තව හුරතල් වේ ඈ සමඟින් සීයා
ආච්චිට නම් ඇ බඩගිනි මීයා

උපන්දිනේ එනවා මගෙ ලඟ ලඟම
මොනවද මට දෙන්නේ අම්මා එහෙම
බෝනික්කෙක් දෙන්නම් යැයි කිව්වාම
ඈ හිත පිරුණ සතුටින් මේ තුන්ලොවෙම

පියා නෑ ගෙදර පිටවී ගොස් ඇත ඔහු අද රෑ වැඩට
අත්අම්මා සියත් එක්කන් ගොස් නේ මළ ගෙදරකට
අයියා නංගී අම්මා පමණයි සිටියේ ලඟ සේයාට
ඈ පහසුවෙන් හසුවූවා මරුවගේ ඇහැට

රෑ ඝණ අඳුර මැද එළියයි පුන්සඳ පායා
ඇත මව් තුරුලේ නිදයන් පින්කඳ සේයා
මහ රෑ පැමිණි නොමඳත් මරුවගේ සේයා
මොන දෙව් දේවතාවියකටවත් නොපෙනේයා

මව් තුරුලේ සුවනින්දේ සිටිසේයා
කෙලෙසද ගෙන ගියේ ඒ වල් පරයා
කෙලෙසා මරා කැලයක උදයේ සිටියා
රෑ මිලින වූ කඩුපුල් මල සේයා

මෙය සිදු කලේ ලඟ නිවසක වැසියෙක්ය
තව එක්කෙනෙක් පාසල් යන සිසුවෙක්ය
කොණ්ඩය තමා කල බව පිළිගත්තාය
එනමුත් තවම මෙය මට අභිරහසක්ය

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment