Saturday, May 2, 2015

කුණාටුව කෝ කොහිද ?

රඹ වූ අහස් කුස
පියාඹන වැහිළිහිණි
වැසි උවැස්සෙන් සිටී

ක්ෂිතිජයේ හිරු ගිලී
ගිය පසුව අදුරු වන
වළාකුළු මිසෙක
වෙනත් කළු වළාකුළු
උන්ව පිළිගන්නෙ නැත

ගිම්හානෙ කොන
වසත්තය අග 
සිසිරයේ ඉම
හේමන්තයද අවසන

දිනසකර ඉතුරු කළ
අවසාන කිරණ මත
නැගී මග බලාගෙන

හීදී වැහිළිහිණියන්
අපේක්ෂා භංගව

දිනෙක සාගර පතුල
කලම්බා නැගී එන
මහා සුලි කුණාටුව
තෙමාවී 

දිනසකර පිලිස්සුව
වැහිළිහිණි පියාපත්

-සුනෙත් වෙඩිවර්ධන-







No comments:

Post a Comment