Sunday, July 2, 2017

ආවඩාපන් ඇහැළ හනිකට

ආවඩාපන් ඇහැළ හනිකට
ඇහළ ගසකට මල් පිපෙන්නට
බලා හුන් වසරක් මුළුල්ලෙම
ආ වඩාපන් ඇහැළ හනිකට

ඇහැළ හීනෙක නිදියගන්නට
ඇහැළ මල් දෝතින් නෙලන්නට
වළි කුකුල් ගීයට නටන්නට
ආවඩාපන් ඇහැළ හනිකට

ඇහැළ සුළගට හූ තියන්නට
ඇහැළ කිචි බිචි  හඬ අහන්නට
දුවන වැස්ස්සට හිස තෙමන්නට
ආඩාපන් ඇහැළ හනිකට

කොහා තාමත් හඩලනවා මෙහෙ තාම අවුරුදු කොහාට
ඇහැළ මල් වල සුවඳ පවසයි පොසොන් මාසේ නිමාව
තුන්මසක් අහවරයි බව කොහා තේරුම් ගන්නට
ඇහළ සඳ තව අහල වත් නෑ ආවඩාපන් හනිකට

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment