Saturday, October 21, 2017

රොමැන්ටික් සිහිනයක්


අපි තනිවෙමුද මේ අහස යට
සුලැඟිලි විතරක්ම පටලගෙන
අඩියෙන් අඩිය ගනන් කර කර ඔහේ ඇවිදිමු
නවතිමු හුස්ම වැටෙන බව දැනුනම
ආයෙමත් ඇවිදිමු

තණ ගහක් නැති නිර්වස්ත්‍ර වැල්ල මත
රැල්ලෙන් නග්න පය තෙමෙන විට
බෙරිවෙච්ච වැල්ලේම ඉදගමු
හිසට හිස තියාගෙන
ඉර ගිලෙන හැටි බලාඉමු

වළාකුළු රටා වල ඇස් තියන් හිනාවෙමු
සුලං හඬ විතරක්ම සවන් මත පුරෝගමු
මොහොතකට නිහඩවෙමු
හදවතට සීරුවෙන් ගැහෙන්නට ඉඩදෙමු

ගොම්මනේ අඩ අදුරේ සෙවනැල්ල හංගමු
අත් වලින් මුහුණ වහගෙන
ඇගිලි අතරින් සඳ දිහා බලමු
වැල්ලේම වැතිරිලා උඩ බලන්
තරු එකින් එක ගනිමු
සීතලට සඳ එලිය පොරෝගමු
රළ බිඳන සද්දයට නැලවිලා නිදියමු
සිහිනයෙන් ආදරේ කරමු

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment