Tuesday, October 17, 2017

හැරයන්න බැරිමනම් ඒත් හැරයන්න

වලක් හාරන්න
මාව එහි වලලන්න
පස් දමා තලන්න
ඒත් මදිනම් ලොකු ගල් උනත් කමක් නෑ
පස් උඩින් දාලා කොටන්න

රවන්න ගොරවන්න ඔරවන්න
තරහනම් කියන්න
බනින්න
බැරිමනම් ගහන්න
එපා නිතරම රිද්දන්න
බෑ ඒක ඉවසන්න
මරනවානම් එකපාර මරන්න

එපා දෙවරක් හිතන්න
ඇවැසි දේ කරන්න
ඕන් නෑ අහන්න
එපා කිව්වත් කරනවානම් එපා අවසරගන්න

පිළිකුල්මනම් එපා ලඟඉන්න
යනවනම් යන්න
ඕනේ නෑ නවතන්න
ඔයි තරම්නම් පළා එපා මට බෙදන්න
හැරයන්න බැරිමනම් ඒත් හැරයන්න
ගියෝතින් එපා ආයෙමත් එන්න
දැන් ඉතින් යන්න

-සුනෙත් වෙඩිවර්ධන- (100)

No comments:

Post a Comment