Sunday, June 25, 2017

නුඹ නුදුටු නුබ

නුඹ නුදුටු නුබ
නුඹ දැකිය යුතු නුබ
කිසිදිනක නුඹ නෙතට
මුණගැහෙන්නේ නැති
නුඹ හිසට ඉහලින්
නිරුවත්ය නුබ

සියොත් තටු සලකුණක් නැති
මේඝ පියසටහනක් වත් නැති
දිනිදු ගිලගත් සිඳුතෙරේ ඉම
ඉදන් පෙරදිව ක්තිජ ඉම තෙක්
නග්න වූ නුබ

නමුදු තව නුඹ නෙතට
හසුනොවුනෙ කිම
නුඹ නෙත් ඉදිරියේ
නග්න වූ නුබ

කිසි දිනක නුඹ
නෙත් නොදුටු නුබ
ඉදිරියේ නුඹ
නග්න මගේ හද

මේඝයෙන් විලිවසා ගත්පසු
නොපෙනේවි යළි කිසිවෙකුට
නුඹ නුදුටු නුබ
වූ මගේ හද

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment