Monday, June 26, 2017

නුඹ විඳින මගේ පෙම එක්තරා කවියක්

ඇහැළ මල් පූදින්න
ඇඟිලි ගනිනා අතර
හිත් මලක් පූදින්න
දඟලනා තරමක්

වරම් නැති පෙමක් ලඟ
තරම් නැති වුවත් මට
අහිමි නුඹෙ හිත් මලට
පෙම් කරන තරමක්

නුඹෙන් අවසර නොගෙන
හොරැහින්ම කවි ලියන
නුඹ විඳින මගේ පෙම
එක්තරා කවියක්

විදිනවාවම මිසක
හදවතට නොදැනුනත්
නුඹ විඳින මගේ පෙම
එක්තරා කවියක්

වළා නැති සියොත්මග
පෙමින් කැටයම් කරන මේ
සිත්තරා කවියෙක්
විඳින්නට සිතක් නැති
නමුත් ලෝකෙටම හොරැහින්
නුඹ විඳින මගේ පෙම
එක්තරා කවියක්

- ආදරේ කියන්නේ නොහික්මුණු කළාවක් -

- සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment