ගවරවෙල කන්දේ
සදාකාලික මලින් බරවුන මැයි මාර ගස දුටිමී
පුදුමයකි පුදුම නොසිතුනේ ඇයිද හිත අසමි
හිත් කොනේ නුඹ නමින් දළුලන ආදරේ සිරකරන් අඩමී
කෙසේ කියන්නද මං තමයි නුඹ සෙව්ව සංචරණී
කෙසේ නම් කියමි මා නුඹේ සංචරණි
කඳුවිලුඹේ දිලිසෙනා කෝච්චි පාසලඹ දිගේ
පුරුදු පාරෙම තුත්තිරි මල් මිටක් නෙලාගෙන
මම ආයෙත් එන්නම්
ඉන්ද්‍රජාලික නුඹ විසින් පැළකල
මලින් බරවුන මැයි මාර ගස දෙස බලා ඉන්නම්
තුත්තිරි මල් මිටක් අතැතිව
සැගවිලා නොයිද එන්න නෙතු ඉදිරියට
එකම පැනයයි අසන්නේ මම
ඒ තරම් ආදරේ තිබුනාද ඔය හිතේ
දන්නවානම් කෙනෙක් සිටිබව ඒ තරම් ආදරේ
ඉන්නවා මම මගබලාගෙන දෙමෝදර හන්දියේ.....
කවුරුන්ද නුඹ
අනවසරයෙන්
ඇයිද ඒ තරමටම මට පෙම් කලේ...
ගවරවෙල කන්දේ
සදාකාලික මලින් බරවුන මැයි මාර ගස දුටිමී
පුදුමයකි පුදුම නොසිතුනේ ඇයිද හිත අසමි
හිත් කොනේ නුඹ නමින් දළුලන ආදරේ සිරකරන් අඩමී
කෙසේ කියන්නද මං තමයි නුඹ සෙව්ව සංචරණී
-සුනෙත් වෙඩිවර්ධන-