වැස්ස නැවතිලා නෑවහිනවා
පායනව ආයෙමත් වහිනවා
වැස්සේ තෙමි තෙමී
අපි නහිනවා
කහිනවා
කැහැ කැහැ
තෙමෙනවා
වැස්ස නැවතුනේ නෑ
වහිනවා
ඉරිතැලුනු සුලංතිරියට
වැරෙන් පහරදෙන වැහි කැට
වයිපරේ ආදරෙන් පිහිනවා
හැබැයි
හයියෙන්ම වහිනවා
අඩුවෙනවා
ආයේ වැඩිවෙනවා
පැලෙන්න වහිනවා
අපි පැලෙන්න තෙමෙනවා
වැස්සෙන්ම තැලෙනවා…
වැස්ස නවතින්නෙ නෑ
වහිනවා
එකදිගට
අහසවත් කියාපන්
නවතීද වැස්ස
උගේ කලුපාට
වැස්ස නවත්තන්නේ නෑ
වහිනවා දිගටම
අහසද කිව්වෙ
නෑ
වැස්ස.
සුනෙත් වෙඩිවර්ධන