ආදරේ නැති හන්දාද බේරෙන්නේ කඳුළු
කියවන්නේ ඇයි ඔහොම ඒ නිසා හිතළු
නුඹම බදු අරගත්ත මගෙ හිතට පුලුළු
නුඹ මිසක් වෙනකෙනෙක් නෑ වෙලා ඇතුළු
ඉද හිටලා රණ්ඩුවක් ඇල්ලුවේ නැතිනම්
ආදරේ නෑනේ නේද මගේ මැනිකෙ ගතියක්
ඉන්න නම් බෑ මටත් තරහ වී සතියක්
දවසකුත් හිටියේ හෙන අමාරුවෙන් බං
විස්සෝප බොරු කියා මට බැන්න සැටියා
ලසෝ ගිනි හදවතේ තැවි තැවි සිටියා
දැන් ඉතින් ඇති නේද තරහ වී හිටියා
තව හිටියොතින් මමත් බොනවා ඇතිහිටියා
සුනෙත් වෙඩිවර්ධන
No comments:
Post a Comment