Monday, July 7, 2025

පීලි අතරේ අත්හැරුණු ජීවිතය

 

උදාගිරෙන් එළිවැටුන

වැහිබර අවර අහස යට

කළු සයුරේ සුදු රැළි අතර

නැවක් තනියම ක්තිජයේ

 

වාරකන් සැඩ මුහුද හින්දා

බිලී පිත්තෙන් දිවි රකින්නා

රැල්ල සමගින් අවුත් වැල්ලේ

හැන්ගෙනා පැනෑටියෝ අල්ලයි

 

කොත්තු සද්දෙන් කොළඹ දුවනා

යකඩ යකෙකුට හරස් කපලා

පීලී අතරේ හීරකරන් හිටි

ජීවිතේ සුනු විසුනු වෙන හැටි

දෑසින්ම දැක්කයි

 

-සුනෙත් වෙඩිවර්ධන -

No comments:

Post a Comment