Thursday, November 3, 2016

අමර හඬ

සත් ස්වරය සත්කඩක
වෙලා විසිරිලා ඇත
ස්වර ලොව පුරා හද
සැඟවිලා වළාවක

හාර්මොනිය තබ්ලාව
වී නිහඩ පැත්තකය
වියෝලය සිතාරය
පවා හඩනවා අද

පුරාතන කවියන්ද
මළානික නෙත් ඇතිව
බලා බිම සිත් ගැතිව
පිසිනවා කඳුළු කැට

හෙළ මහා ගන්ධර්ව
පියා නෙත් පියාගෙන
ස්වර අතර රැදුනු හඬ
අමර ස්වර නිහඩ විය

නිවන් මඟ දකින තුරු
සසර මඟපුරාවට
හෙළ දෙරණ රුවන් හඩ
ඇසේවා මේ දෙරණ මත්තෙම


-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, October 23, 2016

ගං ඉවුරද මුහුදු වෙරළද ?



දියඹට විසිරෙණා පෙණ කැටි
බට ගැට ගැසු පහුරේ හැපී
පල්ලමට දිය සැඩ වෙවි.
ඔහේ ගඟ පහලට යතී

ඉතින් මම පහුරේ නැගි
ගෙවු දුෂ්කර ගමනකී.
ඉදින් දැන් හොදටම ඇති.
පහුරු පැත්තක තැබුවැකී

දියඹ දැන් මගෙ මිතුරෙකි
ඉදිරිය යන්නට දිරි දෙතී
දිය ඇල්ල කින් බිම වැටී
තවම මම දිය මත සිටී

ගඟ ඔහේ ගලනා සැටී
නමුත් තව සැඩ නම් වැඩී
පල්ලමට වැටුනට මදී
සැඩ පහර පහුරට වැඩී

පල්ලමට පසු නිසැකවම
ඇල්ලකින් කෙල වර වෙයිද?
නැතොත් ගඟ පහුරත් සමඟ
මුහුදටම මා ගෙන යයිද ?

චන්ඩ මාරුත කුනාටූ
සයුර හිමිකම් කියාපු
හැකිවේද දිවි සුරකිනූ
පහුරකට බට ගැට ගැසු

ගඟද මුහුදද දෙකකම එකමය
මොකේ හිටියත් උරුම මරණය
ගොඩ වෙන්න හොද ගඟේ ඉවුරද?
එහෙම නැත්තං මුහුදු වෙරළද ?

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, July 24, 2016

මාතෘකාව නුඹ

ආදරිය නුඹ
ආදරේ නැතුවාට මට
ආදරෙයි මම
නුඹට හැමදාකම

හිතුවාට නුඹ ඔහු ගැන
හිතනවා මම නුඹ ගැන
රෑ පිපුණු කඩුපුල් මල
අයිතිය නුඹේ කාටද?

නොනිදාම රෑතුන් යම
ඔහු ගැනම නුඹ හිතුවට.
ඊටත් වඩා නුඹ ගැන
මන් මෙහෙ හිතනව අද

තාම හිත සසලයි නුඹේ
මගේ පෙම අචලයි මෙහේ.
තවම කිම කිවමැන නගේ
නොහැගුනේ මගේ ආදරේ?

-නිරංජන වෙඩිවර්ධන-

දෙයියන්ට පිස්සු

දෙයියන්ට පිස්සු
වැරදියි කියා දැන දැනත්
නෙතට නෙත මුණ ගස්සන
දෙයියන්ට පිස්සු

හිතකට හිතක් නොගැලපෙන
නමුත් ගලපන්න වෙරදරන
දෙයියන්ට පිස්සු
සැලසුම් කරලම ඈ නෙතු පෙන්වූ
දෙයියන්ට පිස්සු

තනියෙන්ම හිටපු
මාව නැති කරපු
හේතුවක් නැතුව
ඈට සිත් ඇති කරපු
දෙයියන්ට හොදටෝම පිස්සු


ඔව් දෙයියන්ට පිස්සු
මේතරම් දේවල් සිදුවෙලත්
තවම ඈටම පෙම්කරන
මට
ඊටත් වඩා පිස්සු

-නිරංජන වෙඩිවර්ධන-

Friday, July 1, 2016

නෙත්සර දෙව්දුව ඒ නුඹේ ඇස් දෙකද?

හද්දා දවාලේ
ඇහැරගෙන සිහියෙන්
මන්දැක්ක සිහිනය
ඒ නුඹේ ඇස් දෙක

දුරකථන තිරයට උඩින්
ඇහිබැමට ලංකර
වශි කෘත බැල්මක්
හෙලු හැටි මතකද?

නෙත්සර දෙවිදුවද
අදහගත බැරිව මම
ගල් ගැසුනා හුන් තැනම
නුඹේ එක බැල්මට

මායා ලෝකයක
හදවතක් සිරකර
තවකෙකු දිහා ඇයි
බැලුවෙ ඒ ඇස් දෙක

බැල්මකින් සොරාගෙන
රැගෙන ගිය හදවත
තියා ගනු බැරි ඇයිද
ඔය නෙත් දෙකෙ හිර කර

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, June 27, 2016

පාට පාට මිනිහා

අනේ මේ අහපන්
පොඩ්ඩක් කියාපන්
දැකල තියෙනවද උඹලත්
පාට පාට මිනිහෙක්

වෙලාවකට රතු
වෙලාවකට කොල
කහ පාට වෙලාවට
නිහඩයි නෙ ඔහු

දන්නා දෙයක් නැති
නොදන්නා දෙයක් නැති
පාට පාට මාරු වෙන
පාට පාට මිනිහෙක්

ඡන්දෙ නිල් පාටට
එදා ඉදලාම
කොල පාට පෙන්නන්න
බැරිම බැරි පාට
පොර මාර ජොලි පොර
කොල වැටුනු දාට
හැබැයි නිතරෝම
මිහිහ රතු පාට

කළු පාට මූණක්
උරුම තිබුනාට
වැඩ වලින් හැමදාම
මිනිහා සුදු පාට
බැලුවාම පේනවා
හෙන වයස පාට
හැබැයි හදවතින් මිනිහා
කොළුගැටයා තාම

මිනිහගෙන් ඉල්ලුවොත්
කවුරු හරි ගේම
තනියෙන් උනත් ගේම
දීල එයි ඌට
සැලකුවොත් මිනිහට
අත තියලා ගාන
ඉතින් හැම දාම
ඌට කොල පාට

පෙන්නන්න බැරි චරිතෙ
මිනිහා කාටත්ම
හැබයි අවුලකුත් නෑ
හොදට හිටියාම
අපෝ හෙන මල ඇණේ
කියල හිතුනාට
මෙහෙ හුගක් පාළු වෙයි
මිනිහා නැකි දාට

ඉතින්
දැන්වත් කියාපන්
දැකල තියෙනවද උඹලත්
පාට පාට මිනිහෙක්

-සුනෙත් වෙඩිවර්ධන-