Sunday, May 27, 2018

මීදුමට වහංවුනු කතාවක්

දුම් නොමැති දුම්රියක
යන ගමන් ලියවුනු
මීදුමට වහංවුනු කතාවක්

අතීතය ලියන්නට හැකිනම්

තව එකම වතාවක්
කියවන්න තිබුනා
මිදුමේ හැංගිච්ච තවත් එක කතාවක්

මල් තුහින හැඩ කරපු ලතාවැල්

වෛයිවර්ණ මල් වැටුනු පාරවල්
ලාම ලා කොළ පාට සිහිනයක්
මිදුමේ හැංගිච්ච කතාවක්

දුම් නොමැති දුම්රියක

එනගමන් ලියවුනු
මිදුමෙන් වහන්වුනු කතාවක්
කාටවත් කියවන්න බැරි
හිත් වලම ලියවෙච්ච කතාවක්
මීදුමට වහංවුනු කතාවක්

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, May 15, 2018

අවසානයේ

සේද සුදු සළු මුදු වළාකුළු අහසක්ම හැඩකලා
අපි නොදන්නා හීනයක අපෙ ජීවිතය හිරවෙලා
අතරමං වුන හිත් මිරිගුවක නැවතිලා
මොහොතකට පෙර අමතකව ගිය ආදරේ හොයනවා

වැස්සකට පසු සේදිලා යන බිම
මඩදියේ හිත් දියවෙලා යනවා
සුසුම් ඉකිබිදිනවා
හාදු ඉහිරුණ සළුමතට ඒ කඳුළු බිදු වැටෙනවා

වියලුනා වූ ලවන් තෙත් කල දිය බිදක්
ළහෙහි වදිනා උණුසුම්ම දිගු සුසුම් සීතල කළා
අඩ අඳුර කළු වෙලා
සුවය නොවිදපු දෙනෙත් අභියස රූපයක් මවනවා

-සුනෙත් වෙඩිවර්ධන-


Friday, May 11, 2018

නුඹ තරහ වූ කළ


අඳුර ගොඩගලන කල දියවෙච්ච හිතකින්
කඳුළු පිණි කැටපතහි නුඹේ රුව බලමින්
උඩු හිතෙන් රවමින්
පුපුරමින් තරහින්
යටි හිතෙන් නුඹට මං ආදරෙයි කියමී.

කනාවට තරුවකුත් නැති අහස දෙස බලමී
කළාවට බිම වැටෙ පින්න රස බලමී
බිමින් හිද ගනිමී
අත්දෙකෙන් මුළු හිසම කසමී
මේ තරම් ආදරේ ඇයිද මම සිතමී

හීනියට විරහ රස ගීතයක් අසමී
පද පේලි අරුත් රස ඇත්ත දැයි සිතමී
ඒ වුනත් අපි තාම ආදරෙයි හෙතෙමී
ආයෙමත් සෘංගාර ගීතයක් අසමී

උදයින්ම ආයෙමත් නුඹේ හඩ අසමි
හදවතේ ගැඹුරින්ම ආදරෙයි කියමී
ටිකදිනක් ආදරෙන් වැළඳගෙන සිටිමී
රණ්ඩුවක් කරමි
ආයෙමත් මුළ ඉදන් මේ කවිය ලියමී

-සුනෙත් වෙඩිවර්ධන-