Friday, May 11, 2018

නුඹ තරහ වූ කළ


අඳුර ගොඩගලන කල දියවෙච්ච හිතකින්
කඳුළු පිණි කැටපතහි නුඹේ රුව බලමින්
උඩු හිතෙන් රවමින්
පුපුරමින් තරහින්
යටි හිතෙන් නුඹට මං ආදරෙයි කියමී.

කනාවට තරුවකුත් නැති අහස දෙස බලමී
කළාවට බිම වැටෙ පින්න රස බලමී
බිමින් හිද ගනිමී
අත්දෙකෙන් මුළු හිසම කසමී
මේ තරම් ආදරේ ඇයිද මම සිතමී

හීනියට විරහ රස ගීතයක් අසමී
පද පේලි අරුත් රස ඇත්ත දැයි සිතමී
ඒ වුනත් අපි තාම ආදරෙයි හෙතෙමී
ආයෙමත් සෘංගාර ගීතයක් අසමී

උදයින්ම ආයෙමත් නුඹේ හඩ අසමි
හදවතේ ගැඹුරින්ම ආදරෙයි කියමී
ටිකදිනක් ආදරෙන් වැළඳගෙන සිටිමී
රණ්ඩුවක් කරමි
ආයෙමත් මුළ ඉදන් මේ කවිය ලියමී

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment