අපි නොදන්නා
හීනයක අපෙ ජීවිතය හිරවෙලා
අතරමං වුන
හිත් මිරිගුවක නැවතිලා
මොහොතකට පෙර අමතකව
ගිය ආදරේ හොයනවා
වැස්සකට පසු
සේදිලා යන බිම
මඩදියේ හිත්
දියවෙලා යනවා
සුසුම්
ඉකිබිදිනවා
හාදු ඉහිරුණ සළුමතට
ඒ කඳුළු බිදු වැටෙනවා
වියලුනා වූ
ලවන් තෙත් කල දිය බිදක්
ළහෙහි වදිනා
උණුසුම්ම දිගු සුසුම් සීතල කළා
අඩ අඳුර කළු
වෙලා
සුවය නොවිදපු
දෙනෙත් අභියස රූපයක් මවනවා
-සුනෙත්
වෙඩිවර්ධන-
No comments:
Post a Comment