Monday, September 10, 2018

මරදාන හන්දිය


උඹ තාම එහෙමමයි මරදාන හන්දිය
හැමදාම උඹ දානවා නේද මට කින්ඩිය
වෙනස් වෙන්නෑ මගෙත් තාම පොඩි පන්තිය
උඹ තාම එහෙමමයි මරදාන හන්දිය

කළුවර පාළු පාලම උඩ තාමත් ඉන්නවද
සුසුමක් හෙළුවොතින් කළුවර අහනවද
කීයක් සුසුම් දවසට උඹ අහනවද
කළුවර තැනක මගෙ කදුළුත් තියනවද

දහවල හිරුට තැම්බී රැ සඳ නැති අහස යට
දූවිලි වලින් පෙනහළු දෙක පුරෝගෙන
බරනැති ජීවිතේ සැප කන තියාගෙන
උන් නිදියනවා අගුපිල් ටික බෙදාගන

උඹ තාම එහෙමමයි මරදාන හන්දිය
මම තාම එහෙමමයි මරදාන හන්දිය
අපි එහෙම ඉන්නවා මේ අපේ පන්තිය
හැමදාම උඹ එහෙමමයි මරදාන හන්දිය

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment