Sunday, October 7, 2018

....මැණික....


බිනර වැහි ඇඳ හැලෙන ශබ්දයට බෙර වයන
හදවතේ රිද්මයට ගී කියන කෙවිලයක්
පුදුම ආදර හිතක උරුම කම් කරගත්ත
පරම සිතුවිලි වලත් ආදරේ අරගත්ත
ආදරේ පුරෝගෙන ආදරෙන් අතගගා
ඔප දැමූ  රන්මුවා පිලිමයක්

මුරන්ඩුම පවන් මත නැගී විත් කෑ ගසන
මේඝ පට ඉරාලන කෝපයට යට වෙච්ච දෙව්ලියක්
හරිත පැහැ සැනසුමට සුසුමකින් ඉඟි කරන
හිස තියා සැනසෙන්න හැකි පපුතුරක්

ලඟ නොවිසි විට මැරෙන
හදවතක ඇති උරුම
කුමරෙකුට ඇත ඒ වගේ කුමරියක්
රන්සළු දමා බිමට වඩමමා ගෙන පැමින
කරකාර ගත යුතු භාරියක්

-සුනෙත් වෙඩිවර්ධන-


No comments:

Post a Comment