හඳපාන අද්දර
නුඹෙ මුහුණ දැක්කම
මං ගොළුයි ඇත්තට
ලොකු බෝල ඇස්වල
රණ හංස බැල්මට
හිත වසඟ වූකල
මම ඉන්නේ කොහොමද?
රතු රෝස මල් පෙති
වැනි රෝස තොල් පෙති
නලියද්දි විටකදි
ඉගිලෙනවා සිතුවිලි
උණුසුම්ම සියුමැලි
නුඹ ලමැඳ පව්වෙහි
හිස තියා නෙත් පෙති
මට පියා ගත්තැකි
-සුනෙත් වෙඩිවර්ධන-
No comments:
Post a Comment