Tuesday, October 16, 2018
Wednesday, October 10, 2018
පිණි දෙව්දුව
තරු නොවිසි රෑ කදි
හඳපාන අද්දර
නුඹෙ මුහුණ දැක්කම
මං ගොළුයි ඇත්තට
ලොකු බෝල ඇස්වල
රණ හංස බැල්මට
හිත වසඟ වූකල
මම ඉන්නේ කොහොමද?
රතු රෝස මල් පෙති
වැනි රෝස තොල් පෙති
නලියද්දි විටකදි
ඉගිලෙනවා සිතුවිලි
උණුසුම්ම සියුමැලි
නුඹ ලමැඳ පව්වෙහි
හිස තියා නෙත් පෙති
මට පියා ගත්තැකි
-සුනෙත් වෙඩිවර්ධන-
Sunday, October 7, 2018
....මැණික....
හදවතේ රිද්මයට ගී කියන
කෙවිලයක්
පුදුම ආදර හිතක උරුම කම්
කරගත්ත
පරම සිතුවිලි වලත් ආදරේ
අරගත්ත
ආදරේ පුරෝගෙන ආදරෙන්
අතගගා
ඔප දැමූ රන්මුවා පිලිමයක්
මුරන්ඩුම පවන් මත නැගී
විත් කෑ ගසන
මේඝ පට ඉරාලන කෝපයට යට
වෙච්ච දෙව්ලියක්
හරිත පැහැ සැනසුමට
සුසුමකින් ඉඟි කරන
හිස තියා සැනසෙන්න හැකි
පපුතුරක්
ලඟ නොවිසි විට මැරෙන
හදවතක ඇති උරුම
කුමරෙකුට ඇත ඒ වගේ
කුමරියක්
රන්සළු දමා බිමට වඩමමා
ගෙන පැමින
කරකාර ගත යුතු භාරියක්
-සුනෙත් වෙඩිවර්ධන-
Subscribe to:
Posts (Atom)