Sunday, June 21, 2020

...ජොලියටම බර ජොලි පොරක්...


සුදු සමක් ඇති
ජොලි හිතක් ඇති
ජොලි පොරෙක් වෙති .
ඔහු පොරක් වෙති.         

දොසා නැත කීවාට කම්නැති
මුසා බස උපන් හැකියාවකි
රසා කර කියන විටි සත්‍යමයි හිතුවැකි
අසා සිටි උන්  ඉඳින් ඉඳුරාම ඇන්දෙති

ලොවෙත් නැති  ලොවි ගහෙත් නැති
ලොකේ කිසිවෙක් කවදවත් කාලා නැති
කෑම වට්ටොරු ගැන දන්න
විටක ඔහු කෝකියෙක් වෙති ,

විටක වඩු බාසෙකි , මේසන් හැන්ද හුරු බාසෙකි.
දන්න දේකුත් නැති නොදන්නා දෙයක් ගැනවත් දන්නේ නැති
මහා පඬි උතුමෙකි
ගීත ගායකයෙකි , ගීත රචකයෙකි ,
සභා අමතන කථිකියෙක් වෙති

ඔහුට විශ්වයම එක ක්‍රීඩා පිටියකි
මිනිසුන් සියල්ලෝම ක්‍රීඩකයො වෙති
උන් කරන හැමදේම ක්‍රීඩාවකි
ඔහුත් ක්‍රීඩාකරන අමුතු ක්‍රීඩකයෙකි

ඔහු තරම් චන්ඩියෙක් දැන්නැති
හතර දෙනෙකුට පියෙක් වෙන මිනිසෙකි
පනහ පැන්නාට තිස්පහක පෙනුමැති
තව තරුණ මුත් ඔහු දැනටමත් සීයෙකී

- සුනෙත් වෙඩිවර්ධන -

No comments:

Post a Comment