Tuesday, June 23, 2020

මාරම්බරී ජන්ම දින සුබ වෙතී......


මනරංජනී , සඳ රාජිණි
මට සිලුටු වදනන් කියනා මධූභාෂීනි
රන්දේහිනි , කෛයිලාෂිනි
කෙලිලෝල බැල්මන් හෙලනා උන්මාදීනි
කෝමල අංගනි , කෝකිල අංජනී
පිනි තුහින සිසිලස සලන පින්සාරිනී
රූපාවති දිව්‍ය රූපාංගනී
ප්‍රියප්‍රේම සුව සදන සීතාංගනී

මනමෝහිනි සෘංගාරිනි
රෑ අහස සරසවන තරුරාජිණි
රණ හංසනී  මගේ මන්දෝදරී
සංසාරීනි මාගේ නිම්නාවිනී

නුඹ ළැම තුරුළ සඳ සිහින දෝලාවකි
පෙම් මදහාස පිරි බැල්ම විජ්ජාවකි
යක්ෂනිය සේ උරණ වෙන මාලනී
දේවියනි මම නුඹගේ විශ්‍රවමුණි

-සුනෙත් වෙඩිවර්ධන -

No comments:

Post a Comment