සදාතනිකද ජීවිතේ යැයි
නුඹ ඇවිත් නොඇසුවානමි
සදා තනිකඩ වෙන්න තිබුනා
බදාගෙන නිදියන්න තිබුනා
නිදහස
කඳුකරේ සීතලට
ගල්වෙලානම් සිතුවිලි
සීතලම සිතුවිලි
කොළඹ එන කළු වලාකුලකට
දෙන්න
දරාගත නොහැකි තැන
මිරිකෙමින්
අකුනකට බරදී හෙන හඩින්
ගුගරමින් බිම වැටෙන
වැස්සකට නිදහසේ
තෙමෙන්නම් මම
නුඹ මගේ යැයි මා නුඹේ
යැයි
පොරොන්දුවකට උකස් කල දා
ඉදන්
අප අපේ නිදහස
මට නුඹම විය නිදහස නුඹට
මා විය ද?
නුඹගේ නිදහස
නුබට මං නැති මටත් නුඹ
නැති
නිදහසක් තිබුනාද ?
මං නැතිව නුඹ නිදහසක්
ලැබුවාද ?
-සුනෙත් වෙඩිවර්ධන-
No comments:
Post a Comment