Thursday, February 24, 2022

රුසියානු යුක්‍රේන අර්බුධය

 පෙබරවාරි විසි එක්වෙනිදා යුක්‍රේණයේ ලුගෙන්ස්ක් හී අහසමල්වෙඩි ආලෝකයෙන් වර්ණවත් වුවා.

රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් විසින් පෙබරවාරි විසි එක්වනදා නැගෙන හිර යුක්‍රේණයේ ලුගෙන්ස්ක් පලාත වෙනමම ජනරජයක් ලෙස පිලිගැනීමත් සමග රුසියානු හිතවාදි එහි ජිවත්වන ජනතාව විසින් මේ ආකරයේ මල්වෙඩි සන්දර්ශන මගින් සහ රුසියානු ධජ පෙන්වමින් ඔවුන්ගේ ප්‍රිතිය පලකිරීම සිදුකර තිබුනා.

යුක්‍රේණයට අයත් රුසියානු හිතවාදීන් සිටින ඩොනෙටෙස්ක් පලාතද වෙනමම ජනරජයක් ලෙස රුසියානු ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.

ඉතින් මේ තීරණය රුසියාවත් , යුක්‍රේණයත් අතර දැනට පවතින අර්බුධය තවත් ත්‍රිව කරන්නට සමත්වෙලා තියෙනවා.

රුසියානු යුක්‍රේණ අර්බුධය කියන්නේ අද ඊයේ නිර්මාණය වූ අර්බුධයක් නම් නෙමේ.

ඉතින් මොකක්ද මේ යුක්‍රේන අර්බුධය.

අපි යමු නව වන ශතවර්ශයට .

නව වන ශතවර්ශයේදි කියෙවියන් රූස් නමින් රාජ්‍යයක් තිබුනා.

ස්ලැවික් ජනයා තමයි එහි ජීවත් වුනේ.

කියෙව් නගරය තමයි එහි අගනගරය වෙලා තිබිලා තියෙන්නේ.

ක්‍රිස්තුවර්ශ නවසීය අසූවත් එක්දහස් පහලොවත් අතර කාලයේ කියෙවියන් රූස් පාලනය කරලා තියෙන්නේ මහා වොලොඩිමියර් කුමරු විසින්.

රුසියාවේ වත්මන් ජනාධිපති වැලැද්මියර්. යුක්‍රේනයේ ජනාදිපති වොලොඩිමියර්

හරි

දහ නව වන ශතවර්ශයේ පැවති සෝවියට් සමූහාන්ඩුව බලවත් රාජ්‍යයන් පහලොවක එකතුවෙන් තමයි හැදිලා තිබුනේ.

එතන වඩාත්ම බලවත් රාජ්‍යයය වුනේ රුසියාව , දෙවෙනියට බලවත් රාජ්‍යය තමයි යුක්‍රේනය 

එක්දහස් නවසිය අනූ එකේදි සෝවියට් සමූහාන්ඩුවේ බිදවැටීමත් එක්ක යුක්‍රේනය ස්වාධීන රාජ්‍යයක් වුනා.

දෙදහස් දහ තුනේ නොවැම්බර මස වික්ටර් යනුකොවිච් යුක්‍රේන පාලනය අතට ගත්තට පස්සේ  ඔහු විසින් යුරෝපියානු වෙලඳ ගිවිසුම ප්‍රතික්ෂේප කරලා රුසියාව සමග අත්වැල් බැදගත්තා .

එයත් සමග යුක්‍රේනයේ විරෝධතා මතුවුනා

ඒ හේතුවෙන් දෙදහස් දා හතරේ පෙබරවාරිමස යනුකොවිච් පාලනය බිඳවැටුනා , යනුකොවිච්ට රුසියාවට පලායන්න සිදුවුනා.

හැබැයි ගොඩක් යුක්‍රේනියානුවො එයට කැමති වුනේ නෑ. ඊට පස්සේ යුක්‍රේනයේ රුසියානු හිතවාදින් කැරලි ඇතිකලා .

මුලින් යුක්‍රේනය මේ කැරලි කරුවන් ගනන් ගත්තේ නෑ ඒත් 2014 ජූලි 17 වනදා මගීන් දෙසීය අනූඅටදෙනෙක් සිටි මැලේසියානු ගුවන් යානයකට මේ කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කලා.

ඊට පස්සේ යුක්‍රේන හමුදාව විසින කැරලි කරුවන් මර්ධනය කරන්න පටන් ගත්තා. රුසියාව තමන්ට හිතවක් යුක්‍රේන කැරලි කරුවන්ට උදව්කලා.

ඉට පස්සේ තමය ජර්මනියයි ප්‍රංශයයි මැදිහත් වෙලා රුසියාවයි යුක්‍රේණයයි අතර මින්ස්ක් සාම ගිවිසුමට එලඹුනේ.

ඒකේ ඇතුලත් වුනේ තාවකාලික සාමය , හමුදාව ඉවත්කරගැනීම ,  සහ යුක්‍රේණය එගක වී තිබුනා කැරලි කරුවන් සිටි ප්‍රදේශවල මැතිවරණය පවත්වන්න.

ඉතින් එයින් වසර අටකට පසු දැන් මින්ස්ක් එකගතාවය ක්‍රියාත්මක නොවන පසුබිමකට පැමිණ තිබෙනවා.

ඇයි ඒ.

යුක්‍රේණය තමයි රුසියාවෙන් පිටත තියෙන විශාලතම යුරෝපියානු රට.

වර්ග කිලෝමීටර් හයලක්ෂ තුන්දහස් පන්සිය පනහක භූමියක් යුක්‍රේණයට අයිතියි. ජනගහනය මිලියන හතලිස් හතරයි. දල දේශිය ආදායම ඩොලර් බිලියන එකසිය පනස් පහයි දශම හයයි. . ඒක පුද්ගල ආදායම ඩොලර් තුන්දහස් හත්සියයත් ඉක්මවනවා.

පසුගිය විසි එක් වෙනිදා රුසියාව වෙනම ජනරජ විදිහට පිලිගත් යුක්‍රේණයේ නැගෙන හිර පලාත් දෙකත් එක්ක අද වන විට යුක්‍රේණය නැගෙනහිර බටහිර කියලා දෙකඩ වෙලා.

යුක්‍රේණයේ බටහිර කොටසේ බොහෝ යුක්‍රේනියානුවො කතා කරන්නේ යුක්‍රේන භාෂාව

හැබැයි නැගෙනහිර යුක්‍රේනියානුවො කතා කරන්නේ රුසියානු භාෂාව.

රුසියාවේ ජනාධිපති වැලැද්මියර් පුටින්ට අවශ්‍යය වෙලා තියෙන්නේ කලින් සෝවියට් රාජ්‍යය සියල්ල නැවත රුසියාවට අරන් සෝවියට් සමූහාන්ඩුව ගොඩනගන්න කියලා තමයි වාර්තාවෙන්නේ.

ඇයි ඒ .

ගොඩක් රුසියානුවො විස්වාස කරන්නේ යුක්‍රේනයේ ස්වෛරිභාවය වැරදීමක් කියලා.

ඒක ඇත්ත මොකද කාලයක් යුක්‍රේනය පාලනය කලේ රුසියාව විසින් . එක්දහස් නවසිය අනූ එකට කලින් යුක්‍රේනය තනිරාජ්‍යයක් නෙමේ. පොඩි කාලයක් තිබිලා තියෙනවා පලවෙනි ලෝක යුද්ධයට කලින්.

මෑත ඉතිහාසය ගත්තොත් යුක්‍රේණය ගත්තොත් යුක්‍රේන ජාතිකයින් හයදෙනෙක් ගත්තොත් එක්කෙනක් රුසියානු ස්වදේශිකයෙක්. පුද්ගලයින් තුන්දෙනෙක් ගත්තොත් එක්කෙනෙක්ගේ භාෂාව රුසියානු භාෂාව.

ඉතින් එහෙම බැලුවම ඉතිහාසය  එක්ක පුටින් හරි.

1700 දි රුසියාව පාලනය කල ශ්‍රේෂ්ට කැතරින් විසින් රුසියානුවන් බුරුත පිටින් යුක්‍රේනයට නැව් ගත කරලා තියෙනවා. යුක්‍රේන භාෂාව වෙනුවට යුක්‍රේනයේ පාසල් වලට රුසියානු භාෂාව උගන්වන්න කියලා. 1800 දි යුක්‍රේන භාෂාව තහනමට ලක්කලා.

1930 දි ජෝසප් ස්ටාලින් විසින් ඇතිකරායැයි කියන සාගතය නිසා නැගෙනහිර යුක්‍රේනයේ මිලියන ගානක් යුක්‍රේනියානුවො මියගියා

ඊට පස්සේ ස්ටාලින් විසින් ස්වදේශික රුසියානුවෝ එහි පදිංචි කරවලා.

ඉතින් මේ හේතුන් නිසා තමයි නැගෙනහිර යුක්‍රේනයේ ස්වදේශික රුසියානුවෝ බොහෝ සංඛයාවක් ඉන්නේ.

නැගෙනහිර යුක්‍රේනයේ ගල්අගුරු තියෙනවා, යපස් තියෙනවා , සශ්‍රීක පසක් තියෙනවා. ඉතින් රුසියාවට යුක්‍රේනය ඕනේ.

හැබැයි දෙදෙහස් දහනවය වසරේ යුක්‍රේන ජන්ද සියයට හැත්තෑතුනක විශාල ප්‍රතිශතයකින් බලයට පත්වූ වොලොඩිමියර් සෙලස්කිට ඕනේ නේටෝ සංවිධානය එකතුවෙන්න.

ඉතින් මේක තමයි සරලවම මේ රුසියානු යුක්‍රේන අර්බුධය කියන්නේ.

 

No comments:

Post a Comment