Friday, February 25, 2022

අනන්තේ කරා....

කුරුල්ලෙක් වගේ

නිදහසේ....

පියඹලා යමි

ආකහේ....

වලාකුළු

වලට උඩින්....

අනන්තේ කරා.......

 

කඳු අතරේ තුහින දිගේ

සිසිල් සුලං මත දඟකරමින්

කඩා හැලෙන මහ දිය ඇලි මතින්

ගලා යන දිය දහර ලඟින්.

පියඹලා යමි නිදහසේ...

අනත්තේ කරා...

 

මහා වන පියස මැදින්

ගොම්මන් අඳුරෙ

තැනිතලාමත ගිමන් හරිමින්

මල් උයන් වතු පීරලා

සයුර කරා ඉගිලී...

පියඹලා යමි නිදහසේ

අනන්තේ කරා......

 

- සුනෙත් වෙඩිවර්ධන -


No comments:

Post a Comment