Tuesday, August 29, 2017

සක්වලම හිමි කාහට ද ?

බත් වළඳ මගෙ නම්
එහි ඉදෙන බත් පත කාගේ ද?
බත් කන්නේ මම නම්
කාටවත් පැනයක් මොකද?

පැන්සලත් කොලයත් මගේ හින්දා
මං චිත්‍ර ඇන්දාම මොකද?
මටත් හදවත තියෙන හන්දා
මට නුඹට පෙම් කරනු බැරිද?

ආ දැන් ඉතින් උත්තර බඳින්න

නිල් අහස මගෙ නම්
වළාකුළු හිමි සුලඟටද ?

මහ පොළව මගෙ නම්
කදු සේරමත් දිය ඇලිත් හිමි මට නේද?

මහ මූහුද මගෙ නම්
එහි මාළු සේරම මගෙ නේද?

රෑ අහස මම නම්
පුන් සඳත් තරු සේරමත් මගෙමයි නේද?

දැන් ඉතින් මේ
සේරෝම මෙහෙමනම්
නුඹ දුරින් ඉන්නේ ඇයි ? ඔහොම

සක්වලම මගෙ නම්
නුඹ මගේ මිස වෙන කාගේ ද ?

මං නුඹේ නම්
සක්වලම හිමි කාහට ද ?

-සුනෙත් වෙඩිවර්ධන-


Monday, August 28, 2017

ලැජ්ජ නැති හදවත

අනේ බොල හදවත
ඇත්තටම බොට පිස්සුද
දැන් උඹට අමතකද
දුක් වින්ද තරම උඹ

නිදි මරපු දින ගැන්නද
ෆුල් චාර්ජ් බැටරි තිස්සේම
තියාගත්තා මතකද
ෆොන් එක මොහොතකට
මිස් වුනොත් බයවුනා උඹ
මතකද
හරියකට කෑවද?
කොයි තරම් නම් බිව්වද

අන්තිමේ
සැබෑ වුන එක
සිහිනයක් තිබුනද?

කියාපන් ආයෙමත්
තවඑකක්
පස්සෙන්ම යන්නේ උඹ
දැන් උඹට අමතකද
රැවටුනා හිතකට
ලැජ්ජ නැති කම බොල

අඩු තරමේ දැන් වත්
සැනසීම ලැබුනද
තාමවත් දුක නේද

ඒ තියා අළුත් ප්‍රේමෙට
උඹව ගානක් නෑ නේද
අබ මලක් තරම්වත්
උඹේ ගැන හිතනවද

අනේ පව් නොදී පැත්තකින්
හිටපන්
තව මූට දුක් නොදී

මං මුගේ යටි හිත

-සුනෙත් වෙඩිවර්ධනගෙ යටි හිත-

Friday, August 25, 2017

හිස් අදුරු කුටි වලත් මොර තලන ශබ්ධ ඇත


කළු සුදු අපිරිසිදු ටයිල් කැට රටාවට නිදන විට
කුප්පි එලියට දිස්නෙ දෙන කහ ගැහුණු බිත්ති මත
අදුර ගිලගත් සෙවිලි උළු මතට කළු සුළඟ වදින කොට
හිස් අදුරු කුටි වලත් මොර තලන ශබ්ධ ඇත

සෙවනැල්ල මූවාකර අදුරු මුල්ලක කොණක
දනිහ නලලේ වදින තෙක් වකුටු වී තනිව
කඳුළු සිරකර නෙතඟ වෙව්ලමින් සීතලට
හුදකලා කම හඬන ශබ්දයට කන්දෙන්න

මැදියමේ කවුළු කැටයම් මැදින් එන සඳ කිරන
ටයිල් කොටු මත මවන සිතුවම් රටා හිත ගිලගන්න
අදුර තරකරන වෘක්ෂ සෙවනැලි අතර අත් තටු සළන
නිශාචර සියොතුන්ගේ නාදයට නැලවෙන්න

හිස් කමින් පැන නගින මොර තලන ශබ්ධ මැද
අඩ අදුරේ වැලපෙන පිල් හැලුණ මොනරෙකුට
කිසිවෙකුත් ඉන්නවද අදුරු කුටියට පැමින
හුදකලා නගරයට පියමනින මග කියන

-සුනෙත් වෙඩිවර්ධන-

Sunday, August 13, 2017

මල් සරා උඹ පුදුම මිනිහා

ප්‍රේම හීසර දුන්නේ රන්දා
ප්‍රේම විශ ඇති හී ම විදිනා
ප්‍රේම අධීපති කියන දෙවියා
මල්සරා උඹ පුදුම මිනිහා

මල් සරා හරි පුදුම මිනිහා
ප්‍රේම හීයක් මටත් විදලා
ඇයට කිසි හීයක් නොවිදලා
මටම විතරක් හීය විදලා

ඇගේ රුව සිහිනයට කැන්දා
ඇගේ ගැන සුබ සිහින පෙන්වා
මගේ හිත ඈ වෙතට බන්දා
මටම විතරක් හීය විද්දා

මන්තරේ හද සිදුරු කරලා
නින්ද නෑ ඇය ගැනම සිතලා
මල් සරා උඹ පුදුම මිනිහා
මටම විතරක් හීය විද්දා

මගේ හිත මත ඇයව හිඳවා
ප්‍රේමයක් මගේ හීතේ රඳවා
මල් සරා උඹ පුදුම මිනිහා
ඇයට කිසි හීයක් නොවිද්දා

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, August 12, 2017

අනවසර හාදුවක්

ඇරඹුමක් මතක නැති
අනවසර ප්‍රේමයක්
අපරිමිත අනවරත
අහේතුක ස්නේහයක්
නින්දේදි හැමදාම දකින
එක සිහිනයක්
තියන්නට අවසරද ?
අනවසර හාදුවක්

අහිමි නැති හිමිත් නැති
පියාඹන හදවතක්
නවතින්න තැනක් නැති
ඔහේ පාවෙන හිතක්
හිතක් නවතින්න හැකි
හිතත් නැවතුම්පොළක්
හිතක් සනසන්න ඇති
එකම එක හාදුවක්

ලවන් අතරින් නැගෙන
සිනිදු මඳ සිනාවක්
හදවතක් ඩැහැගන්න
සමත්වෙන ඉනාවක්
දෙනෙත් පළු වහගන්න
එකම එක ඇසිල්ලක්
නලලතේ රඳවන්න
අනවසර හාදුවක්

ආදරේ කියන්නේ නොහික්මුනු කලාවක්

-සුනෙත් වෙඩිවර්ධන-