Tuesday, August 29, 2017

සක්වලම හිමි කාහට ද ?

බත් වළඳ මගෙ නම්
එහි ඉදෙන බත් පත කාගේ ද?
බත් කන්නේ මම නම්
කාටවත් පැනයක් මොකද?

පැන්සලත් කොලයත් මගේ හින්දා
මං චිත්‍ර ඇන්දාම මොකද?
මටත් හදවත තියෙන හන්දා
මට නුඹට පෙම් කරනු බැරිද?

ආ දැන් ඉතින් උත්තර බඳින්න

නිල් අහස මගෙ නම්
වළාකුළු හිමි සුලඟටද ?

මහ පොළව මගෙ නම්
කදු සේරමත් දිය ඇලිත් හිමි මට නේද?

මහ මූහුද මගෙ නම්
එහි මාළු සේරම මගෙ නේද?

රෑ අහස මම නම්
පුන් සඳත් තරු සේරමත් මගෙමයි නේද?

දැන් ඉතින් මේ
සේරෝම මෙහෙමනම්
නුඹ දුරින් ඉන්නේ ඇයි ? ඔහොම

සක්වලම මගෙ නම්
නුඹ මගේ මිස වෙන කාගේ ද ?

මං නුඹේ නම්
සක්වලම හිමි කාහට ද ?

-සුනෙත් වෙඩිවර්ධන-


No comments:

Post a Comment