Sunday, August 13, 2017

මල් සරා උඹ පුදුම මිනිහා

ප්‍රේම හීසර දුන්නේ රන්දා
ප්‍රේම විශ ඇති හී ම විදිනා
ප්‍රේම අධීපති කියන දෙවියා
මල්සරා උඹ පුදුම මිනිහා

මල් සරා හරි පුදුම මිනිහා
ප්‍රේම හීයක් මටත් විදලා
ඇයට කිසි හීයක් නොවිදලා
මටම විතරක් හීය විදලා

ඇගේ රුව සිහිනයට කැන්දා
ඇගේ ගැන සුබ සිහින පෙන්වා
මගේ හිත ඈ වෙතට බන්දා
මටම විතරක් හීය විද්දා

මන්තරේ හද සිදුරු කරලා
නින්ද නෑ ඇය ගැනම සිතලා
මල් සරා උඹ පුදුම මිනිහා
මටම විතරක් හීය විද්දා

මගේ හිත මත ඇයව හිඳවා
ප්‍රේමයක් මගේ හීතේ රඳවා
මල් සරා උඹ පුදුම මිනිහා
ඇයට කිසි හීයක් නොවිද්දා

-සුනෙත් වෙඩිවර්ධන-

No comments:

Post a Comment