Saturday, June 11, 2016

නිදි මරණ ඇස්

කොළඹ අහසම නිදි
ඇස් දෙකක් ඇහැරන්
මතක සලරූ පිටුපසට
නරඹමින්
අමතක නිහඩ තැන්වල
තතු විමසමින්
වළාකුළු අතර
අතරමන් වුණ
තාම ඒ ඇස් ඇහැරන්

අඳුර සහ ආලෝකයේ
මායිමෙ ඉදන්
වකයක උරුම ඇති සිසි
ඒ ඇස් උකස් අරන්
සිසි වන උවන් ඇති රුව
හිත තුල අඳිමින්
ඇස් බලා ගත් අත සඳ
වක සොයමින්

ඉදහිට කෑ ගහන කපුටගෙ හඬ ඇහිලා
ඇස් සම වැදී සිටි දැහැනම බිඳිලා
වට පිට බැලුවාම දුම අතරින් නැමිලා
රන් පත් අළු වෙලා තැන තැන වැටිලා

තාම කොළඹම නිදි
ඇස් දෙකත් නිදි මතින්
පුටුවකට බර දිදි
පැය දෙකක් නිදි යතී

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, June 2, 2016

දුටුවේද කිසිදිනක හඩන වැහිළිහිණියෙකු

ඉකිබිඳින සයුර උඩ
හඩන වැහි ළිහිණියෙකු
තෙතබරිත පියාපත්
සළනවා හිමිහිට.

පියාසල නොහැකි ලෙස
විඩාපත් තටු යුගල
කෙදිරිගසමින් සලා
හොයනවා මොනවද?

කාල පැහැ අහස්කුස
ගිගුරුමෙන් දෙබෑවී.
අකුණකින් දෙන එලිය
මඟ කියනවා ඌට

දුටුවේද කිසිදිනක
හඩන වැහිළිහිණියෙකු
ඉකිබිඳින සයුර උඩ
පියාඹනවා මෙලෙස.

නිශෘචර සියතුන්
නොපෙනෙනා මානයේ
නිහඩ බව බිදිමින්
රළ නගන ශබ්ධයට
පියාපත් සලමින්
ක්ෂිතිජ ඉම පසුකොට
හිතුමතේ පියාඹන

දුටුවේද කිසිදිනක
හඩන වැහිළිහිණියෙකු
ඉකිබිඳින සයුර උඩ
පියාඹනවා මෙලෙස.

කංකෙදිරි ගාමින්
රළට රළ හැපෙන
සයුර පත්ලට යන්න
දිවිරැකුම් මනාපය
අත්හැරිය බව නොවෙද
එහි අරුත

දුටුවේද කිසිදිනක
හඩන වැහිළිහිණියෙකු
ඉකිබිඳින සයුර උඩ
පියාඹනවා මෙලෙස.

හුදෙකලා නගරයයි
මහ මුහුද
මොර තලන අහස යට
ඉදිකෙරුනු
දුටුවේද කිසිදිනක
හඩන වැහිලිහිනියෙකු
හුදකලා නගරයට
ඇතුළු වුනු

-සුනෙත් වෙඩිවර්ධන-

Monday, May 30, 2016

සිග්නල් නැති ආදරේ.

ඒපැත්තේ සීතලයි.
මේ පැත්තේ උනුහුමයි.
ඇය ඉන්නෙ දුර තමයි.
දුරකථනෙ පිහිටමයි.

මේ අවස්ථාවේ සම්බන්ධ කළ නොහැක.
මගේ දුරකථනෙ නම් ඔක්කෝම කනු ඇත
පෝන් අක්කාට මට සෙකන්ඩ් නම් විය නොහැක
ඩයල් කරනව මම නම්බරේ එක දිගට.

Face Book Whats App Viber තිබුනාට
කොල් එක වගේ මට ලේසි නෑ ඒක.
හතර අත දණ ගගා ඩයල් කෙරුවාට
එහෙට සිග් නල් නෑනේ මගේ කරුමේ......ට.

සිග්නල් නැති ආදරේ
Not reachable නේ
Reachable වෙන දවස
මොබිටෙල්ය දන්නේ


-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, May 24, 2016

වෙසක් නැති කොළඹ

තවම මුදුනේ වූ වෙසක් සඳ
කොළඹ පැල්පත් උඩින් පෙනුනට
සඳට ගැලපෙන පහන් දැල්වුනු
පැලක් වත් අද නෑනේ කොළඹෙම

කෝ කොහිද බොල වෙසක් උත්සව
මහ තොරණ් ළඟ සෙනග දැක්කද
ඒ තියා කූඩුවත් තිබුනද
මෙදා කොළඹට වෙසක් නැතිවද?

කොටුවෙනම් මහ තොරන් දෙකකි.
තොරණ් බැලුමට සෙනග ටිකකි
වෙසක් දන්සැල් එකකි දෙකකි.
දිගට පෝලිම් නැතිම හැඩකී.

ටිකක් වාහන තද බදේ
වෙසක් සැණකෙළියකි මෙහේ
වෙනකොහේවත් නෙමේ
ගංගාරාම පන්සලේ.

ගංගාරාම විල මැද
පාවෙන කූඩු එමටය.
ලඟ පාත ඇති ගස් වල
බල්බ් නම් එල්ලා ඇත

ගග අනිත් පැත්තේ
මහ පාර අයිනේ
වැඩියෙන්ම ඇත්තේ
කඩචෝරු මයිනේ

නූඩුල්ස් කඩයකි
පොඩි කූඩු කුටි එකකි දෙකකි
නෙස් කැෆේ කඩයකි
කූඩු කුටි නොව ආයේ කඩයකි

ඔන්න අපි සේරම පවුලමත් එක්කම
වෙසක් සිරි බැලුමට ආවා මේ කොළඹට
මතකේ පිරෙන්නට ඉමු ෆොටෝ එකකට
සැණෙකෙලිය නැති හෙයින් හැරෙමු ගඟ පැත්තට

ෆොටෝ එකකට වත් ගන්න
කූඩු නැත පෙන්නන්න
මේ පාර වෙසක් සිරි
ගංවතුර ගිලලද?

පාරේ යන කූඩු සේරමත් ගත්තම
සමස්ථයේ සේරම රැළි කොටයි පහලට
මොකද කූඩුවේ රැලී කොට කෙරුවෙ ඔච්චර
තේරෙන්නෙ නෑ එහෙ  ගංවතුර හින්දද

පාරේ ඇවිදින වෙසක් කූඩු
නරඹන්න එන කොල්ලෝ කෝඩු
ඇති තරම් වෙහිසිලා ජෝඩු
වෙලා යනවා නොබල කූඩු

-සුනෙත් වෙඩිවර්ධන-

Wednesday, March 16, 2016

විදින්න හෝ විදවන්න

උඹට හිතක් නෑ
තිබුනත් මට ඔනෙත් නෑ
හැබැයි උඹට නැති ඒ හිත
මගෙ හිත බද්දට අරගෙන

අයිතිය මාලඟ තිබුනට
භුක්තිය විද හැකියි උඹට.
විදිනවාද නැති යන වග
තීරනයත් උඹේ හොදද?

අනේ ඉතින් මටත් මොකද?
වින්දොත් උඹ විදපන්
නැත්තං ඹහෙ හිටපන්.
-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, February 25, 2016

කියවන්න කළුවරේ

හන්සි ජයසිංහ අක්කා මෙහෙම කිව්වා.

කරන්ට් එකත් ගිහින්
වැස්සකුත් වහින වෙලාවෙ
කරන්න තියෙන හොඳම දේ
පොතක් කියවන එක.
මං යනව
ටා(ර්)සන් එක්ක ඔපාරයට.

ඉතින් මං මෙහෙම කිව්වා.

කරන්ට් එක ගිහින්
ඉර අවර ගිහන්
අදුර බදු අරන්
පළාතම ඉතින්

පොතක් කියවන්න
හොඳම වේලාව.
ඒත් බන් කළුවරයි.
පොතේ කළු අකුරු.
පේන් නෑ නේද?

ඉටිපන්දමක්
කුප්පියක් හරි
පත්තු කරගන්න
ගිනි පෙට්ටියක් ලඟ තියෙනවද?

සැලෙන ආලෝකෙට
ඇස් උගස් නොකර
ඉදින් දැන් හොදම
වේලාව නොවෙද
ටිකක් නිදියන්න!

ඇත්ත නේ !

-සුනෙත් වෙඩිවර්ධන -

Sunday, February 7, 2016

හිටියා මෙහෙම කෙනෙකුත් නමින් පරසිදු බාප්පෙක්

වනේ බඹුනෙකුට වෙස්ගත්
කරේ පඬි ඔලගුවක් දාගත්
කෙනෙක් මතෙකෙට එනවා මට බන්
පොරන පඬි උතුමෙක්ය ඌ දැන්

ඌ ගෙදර එනවිට
ගේනවා මස් බෑග් දෙක දෙක
යාළුවෝ ගොඩකට
බොතලුත් යහමෙට.

ආච්චිගෙ ජොබ් එක
හදන එක ඒ මස් ටික
බාගයක් ස්ටුය
ඉතුරු ටික හින්දලා මිරිසට.

කොට්ටම්බා ගහයට
තියලා කොට ස්ටූල් එක
සෙට් එකම සෙට් වෙන්නේ එතනය.
උදේ එලි වෙනකම්ම සින්දුය

නත්තලේ දවසට
ඉවරඋනොතින් කලින් පාටිය.
පහුවෙනිදා උදයට
කිරි නෙමේ  රෑ ඉතුරු භාගය.

දීසි බෝතල් බීදුනේම නැති
රන්ඩු සරුවල් නොවුනේම නැති
ගමම රෑ නිදියන්නේ නැති
ලඟදි උඹ ආ රැයක් මතකේද නැති

රෑක දැක්කොත් පමණී
දවාලක උඹ දැකිය නොහැකී
එහෙම උනොතින් පිනකි
පූංචීටනම් මගුල්ගෙයකී

ගියොත් අවුරුදු දහයකින් පස්සට
මතක් කරතැකි මෙහෙව් කාලය
එහෙව් කාලය හෙනම මාරය.
හැමෝටම අමතකම ගානය.

ගියත් උඹ පිටපාරෙම
වරෙන් විගහට ආයෙම
අනේ උඹ නොදැකම
ලොකු වෙලා අපි මෙහේ හොදටම

-සුනෙත් වෙඩිවර්ධන-