Sunday, June 28, 2015

වහින්න

තරහින් රවන්න
ඔරවන්න ගොරවන්න
මහ වැස්සකට
අතවනන කළු අහස
රළු බොරුළු
පොළවට
වැටෙන වැහිබිදු
ගෙනෙන සිසිලස
වැස්සකින් පසුව
වහිනතුරු
වැස්සක්
ඉන්නවා බිම්මලක්
නොපිපී
දැන්වත් වහින්න

-සුනෙත් වෙඩිවර්ධන-

ට්‍රැෆික් එකේ ප්‍රේමය

රතුඑලිය මුණගැසුව
කහපාට ඇස්දෙක
කොළපාට වැටෙන තුරු
නුඹ ගාව මගෙ හිත

වැටෙන විට ඇසි පිය
දිලිසෙනවා දත් පෙල
ඉඟිමරණ ඇස්දෙක
ලියාගෙන හදවත

තෙලිතුඩින් ලියවුන
ඉලක්කම් පේලිය
කවුළුවෙන් එලියට
පියාඹුව හැටියක

ඇස්වලට පෙනෙන දුර
කොලේකට ගිය නොහැක
කොල එලිය වැටුනු පසු
බස් රියත් යා යුතුය

මහපාර කියවනවා
මගෙ ගණන් පාඩම
ශිෂ්‍යාව දිව ආව‍ෙ
එය ඉගෙන ගන්නට

කොළ පාට වෙන් කෙරුව
කහපාට ඇස්දෙක
රතුපාට තාම ඇයි
දුරකථන ඇමතුම

ඉදිරි ආ බස්රිය
ඇති කරපු ශබ්දයද
තවම එක ඇමතුමක්
නොදෙන්නට හේතුව

-සුනෙත් වෙඩිවර්ධන-

Thursday, June 25, 2015

හීනයක සැනසුම

මං දකින හීන
මට උරුම සතුට
දෙව්ලොවක සුවය
ගෙනෙයි සුබ සිහින

හිත දවන සජීවී ලොකය
ගෙනෙයි හැමවිටම හදවතට ශෝකය
එයින් මා මුදන මටම හිමි ‍ලෝකය
පරම සුව කැන්දන මගෙ හීන ලෝකය

කිසිවෙකුට හිත් වුවත්
මොහොතකට ඇහැරන්න
එපා හීනකින්වත් හීනයෙන් මා ඇහැරන්න
දකින හීනයෙම ගුලිවෙන්න
මොහොතකට මට ඉඩ දෙන්න
මට ඕන හීනයෙන් හීනයට පැනයන්න

නෙත් කොනින් ගිලිහෙච්ච
කදුළු වල ලුණු රහට
හුරුවෙච්ච තොල් වලට
මොහොතක් සිනා සෙන්න
ඉඩ දෙන්න
දකින හීනයෙම ගුලි වෙන්න

-සුනෙත් වෙඩිවර්ධන-

Tuesday, June 23, 2015

උඹ මම සහ මගේ හිත මගේ හිත නම් අයිති බොට උඹේ හිත මට අයිති නැත

උඹ මගේ ඇස් දෙක ලියාගෙන
දීපන් මෙහෙට මට
මට අයිති ඇස් දෙක
බලන හැම පැත්තෙම
උඹ ඉන්නේ කොහොමද

හිටපන් ඔහොම එක තැනක  චුට්ටක්
දහඅතේ දුවන්නේ ඇයි ඔහොම බන්
උඹ මාළු දැල වුනත්
මං කොහොම රුඳෙන්නේ
බොට
එක හිතක් නැතිනම්

පොඩ්ඩක් නිකම් හිතපං
වැඩි නැද්ද උඹ දාන මායම්
රැක්ක සිල් මං බිදෙන තරමක්
අරගත්ත හිත දීල පලයං

උඹ මම සහ මගේ හිත
මගේ හිත නම් අයිති බොට
උඹේ හිතමට අයිති නැත
උඹට හිමි වියතු උනත් මගෙ හිත
උඹට දෙන්ට හිත දෙන්නෙ නැත

 -සුනෙත් වෙඩිවර්ධන-



Monday, June 15, 2015

නොලද ප්‍රේමය

හිරු සඳ නොමැති ලොවක් තුල
ජීවිතය හිර වෙච්ච
සේයාව මත නැගුණු
මතකයේ හසරැල්ල
ජීවිතයේ තනිවෙන්න
හිමි නොමැති ඹබේ හදට
පෙම් බැන්ද වරද මම

කාලයෙන් මඟ ඇහිරු
නොතේරුම් කමක් තුළ
සීතලට පිටවෙච්ච
මුහුදු රළ මෙන් නැගුණු
ආදරයෙ කදුලැල්ල
විශ්වයේ තනිවෙන්න
නුඹට හිමි මගෙ හදට
පෙම් නොකළ වරද නුඹ

-සුනෙත් වෙඩිවර්ධන-


නියගලා ප්‍රේමය

අතර මඟ නැවතිලා
කතර මැද තනිවෙලා
වැඩෙන හරි හැඩවෙලා
මලකි නුඹ නියඟලා

දිගැටි මල් පෙති තලා
බඹරු රොන් ගෙන නොයා
තඹර පෙති තටු සලා
නුඹ ලඟින් පැන ගියා

අඹර පැහැසර අරා
මලක් වී නුඹ වරා
එනු වලා පට ඉරා
මගේ හදවත කරා

නුඹේ අල මුල් නොකා
ඉදිරි ජීවිතෙ තකා
කටු ඉඹුල් වික විකා
දමමි ආදරෙ මකා

 -සුනෙත් වෙඩිවර්ධන-

Sunday, June 14, 2015

රාත්‍රිය

කළුවර ඉකිබිදින
තරු නැති අහස යට
රැහියියන් නගන හඩ
ගීතයකි සවනට

කණමැදිරි එලියට
ලස්සනයි නෙතඟට
හඳ වසා ගත් වළා
අදුරු කළ ලොකය

පින්නෙ ගෑවී එන
සීතල සුළගකට
කවි කියන සුනඛ රැල
මකාලයි පාළුව

විඩාබර දෙනෙතට
නිදිසුවය පැමිනෙන
තුරා සුව කැන්දන
සෙනෙහෙබර රාත්‍රිය

 -සුනෙත් වෙඩිවර්ධන -

Wednesday, June 10, 2015

ඩුබායි රොස

කර්කශ අව්වට
රත්වූ පොළවේ
මූත්‍රා සැරට
ගානට වැඩුනු
ඩුබායි රෝස

රොන් රස දන්න
මත් වන බඹරු
ඇනවුම් දෙන්න
මල් කඩ පෙළයි

ඩුබායි රෝස
නෙත් කළුයි
අතිනත ගියද
පුදසුන් මතට
කිසිදා නොයයි

-සුනෙත් වඩෙිවර්ධන-

Tuesday, June 9, 2015

බස් එකේ හුඹස් කට

බස් එකේ හුඹස්
කටක් දොඩවන බස්
කොන්දා කියවන දෙබස්
එකට ඉදිරියෙ හබක්

සකස්කඩ කියවු
බවක් පෙන්වන උවන්
වක්කඩේ හෙලපු
අනේ මෙහෙමත් කටක්

සැලෙද්දී තොල් පෙති
විසිවෙනවා කොළඹ පොල්පිති
උපන්තේකට කොළඹ දැක නැති
උන්ට නම් උබ කොළඹ එකියෙකි

තැනක මකුණක්ට ඉඩ නැති
බැරල් එකකට කොහොම ඉඩ ඇති
එහෙව් බසයට ඇතුල් වී ඇති
ඇන්ටි උබ නම් කිරළ ඇබයකි

-සුනෙත් වෙඩිවර්ධන-

Saturday, June 6, 2015

ඉස්සර කෑලි

හිමිදිරි උදෑසන
කොටුව පේමන්ට එකමත
දුටුව ඉස්සර කෑලි දෙක
තාමත් හැඩයි දැක්කම

ගාගත් රතුපාට තොල්වල
මූනෙන් සුදු පාට බේරෙන
බාගෙට ඇග පේන ඇදුමට
තාමත් වශීවෙයි නෙත් යුග

පළවෙනි කිරන හිරු දෙන
නළලත වැටී බැබෙලෙන
හැටි දැක වශී වී එන
ගනු දෙනු කාරයෝ ගොඩ

ඉපදුනානම් ඉස්සර
ගන්නවා මම දෙකම බිත්තර
මම ඉපදෙන්න ඉස්සර
ඉපදුනේ ඇයි මේ කෑලි ඉස්සර

නොගියානම් බස් එක
තාමත් එතන ඇස් දෙක
යළිත් උදයක කොටුවට
එනවා ඉස්සර කෑලි දක්නට

-සුනෙත් වෙඩිවර්ධන-